නම්බුනාම අත්හරිමින් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් මාකෙල් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (19) පැවැසීය.
“මං හිතනවා මුළු රටම ඔවුන් දෙපළගේ අනාගතයට සුබ පැතුම් එක් කරනවා කියලා. මුළු රටටම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්න එකතු වෙන්න ඕනෑ යැයි මං විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය.
“මං කලින් කිව්වා වගේ රාජකීය පවුල අවුල් නිරවුල් කරගෙන ඉදිරියට යාවි” යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ලිබියාව පිළිබඳ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන සමුළුවට එක්වෙමින් ඔහු එම කරුණු කීවේය.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් රටටම ලොකු උදව්වක් මේක... ජනතා බදුමුදල් වලින් යැපෙන ආදිපාදවරුන් එයින් ඉවත්වීම හොඳදෙයක්..