බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි ජනමත විචාරණයෙන් තීන්දු වීමත් සමග ඉල්ලා අස්වූ අගමැති ඩේවිඩ් කැමරන්ගෙන් හිස්වූ අගමැති ධූරය සඳහා තිදෙනකු අතර තරගයක් ඇතිවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
පාලක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයට හා අගමැති ධූරයට තමන් තරග කරන බව මයිකල් ගෝව් සඳහන් කර ඇති අතර ලන්ඩන් හිටපු නගරාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බොරිස් ජොන්සන් ද ඒ සඳහා ඉදිරිපත්ව ඇතැයි කියති.
මේ අතර ස්වදේශ කටයුතු ලේකම් තේරේසාද ඒ සඳහා ඉදිරිපත්ව සිටී. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි වන මතය සඳහා පෙනී සිටි බොරිස් ජොන්සන්ට සහාය දැක්වූ මයිකල් ගෝව් දැන් ඔහු සමග අගමැති ධූරයට තරග කිරීමෙන් එකම පාක්ෂිකයන් අතර බෙදීමක් හටගෙන ඇතැයි බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! අපි දෙන්නම්කො කෙනෙක්, ලෝකේ අනික් පැත්ත ගැහුවත් මේ ආත්මෙදි ඔය පුටුවෙන් හොල්ලන්න බැරි. (නි)