බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරිය ලෙස කටයුතු කළ ඇන්ජෙලා රේනර් සිය තනතුරින් ඉල්ලා අස්වී අස්වූවාය. ඒ, සිය  දේපළ සඳහා බදු ගෙවීමේදී අඩු මුදලක් ගෙවූ බව පිළිගැනීමෙන් අනතුරුව යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති ධුරයට ඩේවිඩ් ලැමී පත් කෙරුණි. ඩේවිඩ් ලැමී අධිකරණ ලේකම් ධුරයට අමතරව නව නියෝජ්‍ය අගමැති ද කටයුතු කරනු ඇතැයි පැැවසෙයි. බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ප්‍රධාන සංශෝධනයකට භාජනය වෙමින් පවතින අතර, මේ වන විට ප්‍රධාන පත්වීම් සහ සේවයෙන් පහ කිරීම් කිහිපයක් සිදු කර ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)