බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තීරණය කිරීමට නව ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් මිලියනකට අධික පිරිසක් ලන්ඩන් නගරයට එක්වූහ.
 

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධ තීරණ ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නයි පෙළපාලියට එක්වූ පිරිස පැවසූහ.
 
 විරෝධතාකරුවන් යුරෝපා සංගමයේ ධජය රැගෙන විරෝධය පල කළහ.
 
 පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුම  ප්‍රමාද කිරීමට යුරෝපා සංගමයේ නායකයෝ එකඟ වී ඇත.
 
 යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව දෙවරක්ම ප්‍රතික්ෂේප විය.
 
 63226
 (බීබීසී ඇසුරෙනි)