IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රික්ස් සමුළුව ඇරැඹේ

රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව දින දෙකක් පුරාවට පැවැත්වෙයි.

බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී, බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ පිහිටුවාගත් සංවිධානයකි. 

මෙම 2024 වසර වෙද්දී, ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, සේදි අරාබිය සහ ඉතියෝපියාව ද සාමාජිකත්වය හිමි රටවල් ලෙස බ්‍රික්ස්හවුලට එක් වී සිටී.

හදිසි අනතුරකින් තුවාල ලබා සිටින බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හැර, සෙසු සෑම රටකම රාජ්‍ය නායකයෝ, විදේශ අමාත්‍යවරු සහ නියෝජිතයෝ කසාන් නගරයට පැමිණියහ.

ඔවුන් සියලු දෙනා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසිනි.

සල්මාන් කුමරු වෙනුවට සමුළුවට සහභාගී වන්නේ සෞදි විදේශ අමාත්‍යවරයාය. සෞදිය ලොව විශාලතම තෙල් අපනයනකරුවාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සමුළුවට එක් වන අතර මෝදි රුසියාවට ගියේත්, සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් හමුවන්නේත් මාස කීපයක් ඇතුළත දෙවැනි වරට වීම විශේෂත්වයකි.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඊට මැදිහත් වී සාම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය සූදානම් වෙයි.

එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා වනු ඇතැයි ද පැවැසෙයි. අග්‍රාමාත්‍ය මෝදි පුටින් සමඟ පමණක් නොව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ද යහපත් සබඳතා පවත්වයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රික්ස් සමුළුව ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site