
නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බි‍්‍රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීමට ඉරානය සහ ආජන්ටිනාව කැමැත්ත පළ කර තිබේ.
‘බි‍්‍රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීම සඳහා ඉරානය සහ ආජන්ටිනාව අයැදුම්පත් යොමු කළ බව ද පැවැසෙයි.
‘බි‍්‍රක්ස්’ කණ්ඩායම යනු බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාවය. ‘බි‍්‍රක්ස්’ යන වදන නිර්මාණය වී ඇත්තේ මෙම රටවල ඉංගී‍්‍රසි නාමයේ මුල් අකුරු එකතු වෙමිනි.
ඉරානය ගල්ෆ් කලාපීය රාජ්‍යයක් වන අතර ආජන්ටිනාව ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ආජන්ටිනාව ‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන් රුසියාව සහ බ‍්‍රසීලය සිය කැමැත්ත පළ කර තිබේ. බ‍්‍රසීලය ද ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි.
ඉරානය ‘බි‍්‍රක්ස්’ කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd