බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි අගනුවර ඔවගොඩෝගොව්හි අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් 17 දෙනක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ට්‍රක් රථයකින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනක් අවන්හලේ පිටත වාඩිවී සිටි පිරිසට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
මෙය තුර්කි අවන්හලක් වන අතර මියගිය අය අතර තුර්කි ජාතිකයන්ද සිටින බව පැවසේ. අවන්හලේ උඩු මහලේ ප්‍රාණ ඇපකරුවන් ලෙස පිරිසක් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කර ඇත.
මාලි, නයිජර් සහ ඝානා රාජ්‍යයන්ගෙන් වටවූ ඉතා දුගී රටක් වන බර්කිනා ෆාසෝ හි ක්‍රියාත්මක ජිහාදි කණ්ඩායම් විසින් පසුගිය අවුරුදු කිහිපයේ මෙවැනි ප්‍රහාරයන් එල්ල කර ඇති බව බලධාරීහු පවසති.


(එන්ඩීටීවී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd