බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි අගනුවර ඔවගොඩෝගොව්හි අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් 17 දෙනක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ට්‍රක් රථයකින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනක් අවන්හලේ පිටත වාඩිවී සිටි පිරිසට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
මෙය තුර්කි අවන්හලක් වන අතර මියගිය අය අතර තුර්කි ජාතිකයන්ද සිටින බව පැවසේ. අවන්හලේ උඩු මහලේ ප්‍රාණ ඇපකරුවන් ලෙස පිරිසක් රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කර ඇත.
මාලි, නයිජර් සහ ඝානා රාජ්‍යයන්ගෙන් වටවූ ඉතා දුගී රටක් වන බර්කිනා ෆාසෝ හි ක්‍රියාත්මක ජිහාදි කණ්ඩායම් විසින් පසුගිය අවුරුදු කිහිපයේ මෙවැනි ප්‍රහාරයන් එල්ල කර ඇති බව බලධාරීහු පවසති.


(එන්ඩීටීවී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර්කිනා ෆාසෝහි වෙඩි තැබීමකින් 17 මරුට