බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවත් ජනාධිපති රෝච් කබෝරේ මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
බුර්කිනා ෆාසෝ බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. අත්අඩංගුවට ගත් ජනාධිපති රෝච් කබෝරේ මේ වනවිට කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ රැදවුම් භාරයේ පසුවන බව ද පැවැසෙයි.
බුර්කිනා ෆාසෝ හමුදා බැරැක්කවල අවි ගැටුම් හටගත්තේ පසුගිය සති අන්තයේය. ඒත් එම අවස්ථාවේදී රජය කියා සිටියේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ නොගන්නා බවය.
හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන් සහ සොල්දාදුවන් අතරේ එම අවි ගැටුම් සිදුවුණු බව මේ වනවිට අනාවරණය වී තිබේ.
රටේ අන්තර්ජාල සේවා සහ සන්නිවේදන කටයුතු අඩපණ කර දැමීමට ද කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බුර්කිනා ෆාසෝ ජනපති හමුදා අත්අඩංගුවේ