
බුර්කිනා ෆාසෝ අප්‍රිකානු රාජ්‍යයේ හමුදා කදවුරු කීපයකින්, වෙඩි හඩ අසන්න ලැබෙන බවත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක් මෙහෙවන බවට බියක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් බුර්කිනා ෆාසෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවී නැති බවය. වෙඩි හුවමාරු සිදුවුණු ප්‍රධාන හමුදා කදවුර පිහිටා ඇත්තේ ඔගඩොගු අගනුවරය.
2015 වසරේ දී ද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට ගිය නමුත් එය අසාර්ථක වූ අතර ඊට සම්බන්ධ හමුදා ප්‍රධානීන් ඇතුළු සොල්දාදුවන් වහා අත්අඩංගුවට ගැණුනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd