මිනිස් අවයව කෘත්‍රීමව නිපදවීමට සිදුකෙරෙන පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස කුඩා ප‍්‍රමාණයේ මිනිස් අක්මා රැසක් නිපදවීමට ඇමරිකාවිද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.

ප‍්‍රමාණයෙන් මිලිමිටර හතරක් පමණ දිගු වන එක් අක්මාවක් කුඩා වුවද සැබෑ මිනිස් අක්මාවක් ලෙසම කි‍්‍රයාත්මක වන බව පර්යේෂණයමෙහෙයවූ විද්‍යාඥයෝ කියති.

ඉදිරියේදී නියමිත පරිමාණයෙන් යුත් මිනිස් ඉන්ද්‍රියන් නිපදවීමට පවා හැකි වනු ඇතැයි මේ විද්‍යාඥයන් පිරිස මත පළ කරයි.

මේ අක්මා නිපදවීම සදහා භාවිතා කර ඇත්තේ ති‍්‍රමාණ පිටපත් ලබාදෙන මුද්‍රණ යන්ත‍්‍රයකි.

මේ මූලධර්මය පදනම් කරගෙන නිපදවූ මුද්‍රණ යන්ත‍්‍ර ගොඩනැගිලි නිර්මාණකරුවන්”රන්කරුවන් ආදීන් අතර ප‍්‍රසිද්ධය.තමන්ට අවශ්‍ය දෙය කොළයක මුද්‍රණය කර දෙනවා වෙනුවට මේ මුද්‍රණ යන්ත‍්‍රයට මුද්‍රණය කළ යුතු දත්තත හා අවශ්‍ය අමුද්‍රව්‍යයත් සැපැයූ විට එම ලද දත්ත වලට අනුරූප ති‍්‍රමාණ ආකෘතී සාදාදීමට මේ මුද්‍රණ යන්ත‍්‍ර සමත්ය.

විද්‍යාඥ පිරිසද වැඩිදියුණු කරන ලද මේ වර්ගයේ මුද්‍රණ යන්ත‍්‍රයක් යොදාගෙන මේ අක්මාවන් නිපදවා තිබේ.පරිගණකයක් ආධාරයෙන් සෛල ස්ථර පිහිටිය යුතු ආකාරය ඒවාට රුධිර හා ඔක්සිජන් සැපැයුම ලැබිය යුතු ආකාරය සියල්ල සැළැසුම් කර ඒ දත්ත මුද්‍රණ යන්ත‍්‍රයට ලබාදී අක්මාවන්ගේ සජීවී පිටපත් ලබාගෙන ඇතැයි සදහන්ය.