අප්‍රිකානු සවානා වනාන්තර වලට සුවිශේෂී බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයෑමට හේතුව සොයාගැනීමට පරිසර විද්‍යාඥයන් තොරතුරු රැස් කරන බව වාර්තා වේ.
පසුගිය වසර 12ක කාලය තුළ පැරණි සහ විශාල අප්‍රිකානු බයෝබැබ් ගස් විශාල වශයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයෝ පවසති.
සිම්බාබ්වේ, නැම්බියාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සැම්බියා යන රටවල මේ සංසිද්ධිය දක්නට ලැබේ.
මෙලෙස මියගොස් ඇති ශාක සියල්ලම අවුරුදු දහසකට වඩා වැඩි ආයුකාලයක් සහිත ඒවා බව විදයාඥයෝ පවසති.
මේ සඳහා පැහැදිලි සාක්ෂියක් නොමැති නමුත් කාළගුණ විපර්යාස හේතුවෙන් මෙම ශාක මියයන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.
උෂ්ණත්වය වැඩිවීම සහ නියං තත්ත්වයන් මේ සමඟ සම්බන්ධව ඇතැයි ඔවුහු විශ්වාස කරන අතර මෙය ඉතා කණගාටුදායක සහ දරුණු තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.
දැවැන්ත බයෝබැබ් ශාක අවුරුදු සිය දහස් ගණනක් නොනැසී පවතින බව පැවසේ.
(බීබිසි ඇසුරිණි -085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිහිකත ක්‍රම ක්‍රමයෙන් ස්වයං ප්‍රතිස්ථාපන ක්‍රියාවලියක් සිදුවීම ආරම්භ වී ඇතිබව ස්වභාවධර්මයාට සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකුට දැනෙන දෙයකි. මිනිසා විසින් අසාමාන්‍ය ලෙස ස්වභාවධර්මයේ තුලිත තාවය බිදහෙලමින් යෑම සහ මිහිකතෙහි වයස මේවාට බලපායි. එහෙත් අවාසනාවකට මිනිසා විසින් සිදු කරනු ලබන දැවැන්ත පාරිසරික හානිය මිහිකතට දරාගැනීමේ සීමාව සීග්‍රයෙන් පසු කරමින් යෑම ඉදිරි කාල වලදී මේ මිහිකතට ඕනෑම මොහොතකදී සිදුවිය හැකි අපට හිතාගනීමටවත් බැරි ව්‍යසනයන්ගෙන් විද්‍යාමාන වනුඇත.
මොනවද මේ කතා සියලු සංස්කාරයෝ නැසෙන සුළුය
පරිසර විපර්යාසයේ ස්වභාවය පෙන්වන අවස්ථාවක්...