IMG-LOGO

බයිඩන්ගෙන් යුක්රේනයට මිසයිල ආරක්ෂක පද්ධතියක්

රුසියන් හමුදා යුක්රේන නගර ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරය තරයේ හෙලා දකිමින්, යුක්රේන හමුදාවට නවීන පන්නයේ ගුවන් ආරක්ෂක පද්ධති කීපයක් ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

එම ගුවන් ආරක්ෂක පද්ධති හරහා, යුක්රේන හමුදාවට, රුසියන් හමුදාවෙන් එල්ල වන මිසයිල උඩු ගුවනේදී විනාශ කළ හැකි වනු ඇත. ඊයේ (10) දිනයේ රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගර ඉලක්ක කර ගනිමින් මිසයිල එවූ අවස්ථාවේදී, මිසයිල 24 ක් උඩු ගුවනේ දී විනාශ කිරීමට යුක්රේන හමුදාව සමත් විය. යුක්රේන හමුදාව එසේ කළේ ඔවුන් සතුව පවතින මිසයිල ආරක්ෂක පද්ධති යොදා ගනිමිනි. යුක්රේන හමුදා පවසන ආකාරයට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ගණන 84 කි.

කීව් ඇතුළු ප්‍රධාන නගරවලට එල්ල වුණු එම මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 51 කි. රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු රුසියන් හමුදා යුක්රේනයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙයි.

රුසියන් හමුදා එල්ල කළ එම ප්‍රහාරය සැලවුණු සැණින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ක්සී අතරේ දුරකතන සන්වාදයක් පැවැත්විණි. එහිදී ජනාධිපති බයිඩන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ට අවධාරණය කළේ රුසියන් ප්‍රහාරවලට මුහුණ දීමටත්, ඒවායින් ආරක්ෂාවීමටත්  යුක්රේන හමුදාවට හැකි සෑම අයුරින්ම සහාය ලබා දෙන බවය.

රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ යුක්රේන සිවිල් වැසියන් වෙනුවෙන් සොව පළ කිරීමට ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අමතක නොකළේය.

රුසියන් හමුදා යුක්රේ නගර ඉලක්ක කර ගනිමින් ඊයේ (10) මිසයිල ප්‍රහාර එල්ල කළේ, රුසියාවත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයත් යා කරන කර්ච් පාලම බෝම්බ ප්‍රහාරයකින් හානි සිදුවී දින දෙකක් ගත වෙද්දීය. කර්ච් පාලම, යුරෝපයේ දිගම පාලම ලෙස ද සැලකෙයි. රුසියන් හමුදා දකුණු දිග යුක්රේනයට අවි ආයුධ සහ හමුදා සොල්දාදුවන් ප්‍රවාහනය සිදුවන ප්‍රධාන සැපැයුම් මාර්ගය ලෙස සැලකෙන්නේ ද මෙම කර්ච් පාලමය.

පාලමට හානි සිදුවූයේ ට්‍රක් රියක අටවන ලද පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමෙනි. පාලමට පහර දුන්නේ යුක්රේන හමුදාව බවත්, එය ත්‍රස්ත ක්‍රියාවක් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා නැගුවේය. කීව් අගනුවරට මිසයිල එල්ල වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපය රුසියානු පාලනය යටතේ පවතී. රුසියන් හමුදා යුක්රේනයේ ක්‍රියාත්මක සන්නද්ධ බෙදුම්වාදීන්ගේ ද සහාය ඇතිව ක්‍රිමියා අර්ධ ද්වීපය අත්පත් කර ගත්තේ 2014 වසරේදීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන්ගෙන් යුක්රේනයට මිසයිල ආරක්ෂක පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 415 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site