යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි.
එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.
යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත් සමීපව කටයුතු කිරීමය.
යුක්රේනය ‘නේටෝ’ සාමාජිකයකු නොවුණත්, ‘නෝටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම, තම ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව පවසයි. අතීතයේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වී තිබුණි.
මේ වනවිට දස දහස් ගණනක් රුසියන් හමුදා සොල්දාදුවෝ යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටිති. රුසියන් ජනාධිපති දිගින් දිගටම ඇමෙරිකාවටත්, යුරෝපා රටවලටත්, ‘නේටෝ’ සංවිධානයටත් පවසා ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නොමැති බවය.
කෙසේ නමුත්, රුසියාව ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලින් ඉල්ලා ඇත්තේ, යුක්රේනය සහ ‘නේටෝ’ සංවිධානය අතර පවතින හිතවත්කම් වහා නැවැත්විය යුතු බවත්, යුක්රේනයට සාමාජිකත්වය ලබා දීමෙන් වැළැකිය යුතු බවත්ය. මෙම ඉල්ලීමට ඇමෙරිකාව හෝ යුරෝපා රටවල් හෝ ‘නේටෝ’ සංවිධානය හෝ එකඟ නොවෙයි.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට ඇති කරගත් සංවිධානයකි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බයිඩන්ගෙන් යුක්රේන ජනාධිපතිට ඇමැතුමක්