ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිය පළමු අයවැය ප්‍රකාශයට පත් කළේය. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ මෙම වසරේ ජනවාරියේය.
පළමු අයවැය මගින් වෙන් කෙරුණු මුදල ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 6 කි. ඇමෙරිකානු ධනවතුන්ගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ යෝජනාවක් ද මෙම අයවැයට ඇතුළත්ය.
2031 වසර වනවිට ඇමෙරිකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 117 ක් තෙක් ඉහළ නැංවීමට අයවැය මගින් යෝජනා කර තිබෙන බව ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝගයක් වූයේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස වසංගතයයි. තවමත් ලොව වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේත්, මරණ වාර්තා වන්නේත් ඇමෙරිකාවෙනි.
වයිරස වසංගතයත් සමඟ ඇමෙරිකන් ආර්ථිකය අඩපණ විය. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට රටේ ආර්ථිකය යළි පිබිඳීමකට ලක් වී ඇතැයි ජනපති බයිඩන් කියයි.
ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සැමට මේ වනවිට එන්නත් ලබාදීම සිදුවෙයි. එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය වී ඇති බව ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය ද පවසා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බයිඩන්ගේ පළමු අයවැය ප්‍රකාශ කෙරේ