
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තවදුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි ධවල මන්දිරය ඊයේ (5) පැවැසීය.
ධවල මන්දිරය මෙසේ පැවැසුවේ, ජනාධිපති බයිඩන් යළිත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවය. එහිදී බයිඩන් ආසාදිතයකු බව තහවුරු විය. ඒ අනුව, රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළත්, බයිඩන්ට තවදුරටත් නිරෝධායනයේ සිටීමට සිදුවනු ඇත.
‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වුවත්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණයක් නොමැති බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පැහැදිලි කර තිබේ.
79 හැවිරිදි ජනාධිපති බයිඩන්ට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය ජූලි 21 වැනිදාය. ඉන්පසු පසුගිය 30 වැනි දා බයිඩන් යළි ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, එහිදී ඔහු ‘පොසිටිව්’ වූ බැගින් දිගටම නිරෝධායනයේ සිටින්නැයි උපදෙස් ලැබුණි. ඒ අනුව, බයිඩන් සිය රාජකාරි සිදු කරන්නේ ධවල මන්දිරයේ නිරෝධායනයේ රැදී සිටිමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ගේ කොරෝනා හොඳ වෙන බවක් පේන්න නෑ