
'ඩී ඩේ' සැමරුමට සහභාගීවීමට ප්‍රංශයට ගිය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්විණි.
රුසියන් ආක්‍රමණ හමුවේ ඇමෙරිකාව කිසිම අවස්ථාවක යුක්රේනය අමතක නොකරන බවත්, ඇමෙරිකාව නොකඩවා යුක්රේනයට ආධාර ලබා දෙන බවත් බයිඩන් අවධාරණය කළේය. ආධාර දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගෙන් සමාව ඉල්ලීමක් ද කළේය.
දෙවැනි ලෝක යුද සමයේ, ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වීය, හිට්ලර්ගේ නාසි හමුදාවට එරෙහිව, එක්වීම 'ඩී ඩේ' සැමරුම ලෙස සැලෙකයි. මෙහිදී දෙවැනි ලෝක යුද්ධයේ දී මියගිය රණ විරුවන් සිහිපත් කිරීම, අදටත් ජීවතුන් අතර සිටින විරුවන් ඇගයීමට ලක් කිරීම සිදුවෙයි. මෙවර 80 වැනි 'ඩී ඩේ' සැමරුම් උත්සවය, නෝර්මන්ඩි ඇමරිකානු සුසාන භූමිය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇතුළු යුරෝපා බටහිර රටවල නායකයන්ගේ එකමුතුවෙනි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd