රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් 'ඝාතකයකු' බව තමන් විශ්වාස කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.
බයිඩන්ගේ ප්‍රකාශය මුල්කොට ගනිමින්, වොෂින්ටන් අගනුවර රුසියන් තානාපති ඇනටොලි ඇන්ටනෝව් යළි මොස්කව් නුවරට ගෙන්වා ගැනීමට පවා රුසියාව කටයුතු කළේය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති පුටින් 'ඝාතකයකු' බවටත්, රුසියන් ජනාධිපති පුටින් ඇමෙරිකන් ජනාධිපතිවරණයට 'ඇඟිලි ගැසූ' බවටත් කරන චෝදනා සියල්ල පදනම් විරහිත ඒවා යැයි රුසියාව තරයේ පවසා ඇත.
ඊට අමතරව, බයිඩන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනපති පුටින්ගෙන් සමාව ගත යුතු යැයි රුසියාව අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බයිඩන් සමාව ගන්න ඕනෑ - රුසියාව