ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග බළල් සුරතලකු ද ධවල මන්දිරයේ සිටින බව වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ සුරතල් සතුන් ධවල මන්දිරයේ සිටීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. කෙසේ නමුත් බයිඩන් යුවල වඩාත් ප්‍රිය කරන්නේ බලු සුරතලුන්ටය.
විලෝ නමින් නම් කළ මෙම බළල් සුරතලා ධවල මන්දිරයට ගෙන ඒම සිදුවූයේ ඊයේ (28) දිනයේය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී ධවල මන්දිරයට පැමිණි මාධ්‍යවේදීන්ට විලෝ හදුන්වාදීමට අමතක නොකළාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් දාන්න තරම් දෙයක්ද? ලංකාවට මොනවා වෙලාද මේ? සියරට දේ සිරිසැප දේ කිය කියා... අනේ මන්දා..!