
ක්වොඩ් රටවල රාජ්‍ය නායකයන්ගේ හමුවක් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දී පැවැත්විණි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙම හමුවේ සත්කාරකත්වය හෙබවීය.
5ජී (5G) තාක්ෂණය, දේශගුණික විපර්යාස, අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, සැපයුම් දාම, කලාපීය ආරක්ෂාව, මෙන්ම ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡාවට ලක්ව ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩා සුගේ යන රාජ්‍ය නායකයෝ මෙම හමුවට එක්වූහ.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා මෙම රාජ්‍ය නායකයෝ ඇමෙරිකාවට පැමිණ සිටි අතර ඒ අතරවාරයේ දී මෙම හමුව පැවැත්විණි.
නිදහස්, විවෘත, විනිවිදභාවය ඇති අන්තර්කරණ ඉන්දු-ශාන්තිකර කලාපයක් ගොඩනැගීමේ අරමුණින් මෙම රටවල් හතර ‘ක්වොඩ්’ කණ්ඩායම නිර්මාණය කරගෙන තිබේ.
(ඒ.එන්.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd