
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්ට අපරාධ චෝදනා ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
53 හැවිරිදි හන්ටර් බයිඩන්ට බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවක් සහ ගිනි අවියක් මිලදී ගැනීමට ව්‍යාජ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් එල්ල වී ඇත. චෝදනා ගොනු කිරීමක් සිදුවූයේ ගිනි අවියක් මිලදී ගැනීමට ව්‍යාජ තොරතුරු ලබා දීම සම්බන්ධයෙනි.
හන්ටර් බයිඩන්, කලක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි අයෙකි. එම කාලයේ ඔහු ගිනි අවිය මිලදී ගෙන ඇත්තේ ගිනි අවිය මිලදී ගැනීමට පිරවූ පෝරමයට ව්‍යාජ තොරතුරු ලබා දෙමිනි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු ගිනි අවියක් ළඟ තබා ගැනීම බරපතල වරදකි.
මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය වසරේ හන්ටර් බයිඩන් සහ ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව අතරේ ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. ඒ, අපරාධ චෝදනා එල්ල කිරීම වළක්වා ගනිමිනි. කෙසේ නමුත් එම ගිවිසුම මේ වනවිට අහෝසි වී තිබේ. අපරාධ චෝදනා ගොනු කිරීම සිදුවූයේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd