IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බයිඩන් පුතුට අපරාධ චෝදනා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්ට අපරාධ චෝදනා ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

53 හැවිරිදි හන්ටර් බයිඩන්ට බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවක් සහ ගිනි අවියක් මිලදී ගැනීමට ව්‍යාජ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් එල්ල වී ඇත. චෝදනා ගොනු කිරීමක් සිදුවූයේ ගිනි අවියක් මිලදී ගැනීමට ව්‍යාජ තොරතුරු ලබා දීම සම්බන්ධයෙනි.

හන්ටර් බයිඩන්, කලක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි අයෙකි. එම කාලයේ ඔහු ගිනි අවිය මිලදී ගෙන ඇත්තේ ගිනි අවිය මිලදී ගැනීමට පිරවූ පෝරමයට ව්‍යාජ තොරතුරු ලබා දෙමිනි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු ගිනි අවියක් ළඟ තබා ගැනීම බරපතල වරදකි.

මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය වසරේ හන්ටර් බයිඩන් සහ ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව අතරේ ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. ඒ, අපරාධ චෝදනා එල්ල කිරීම වළක්වා ගනිමිනි. කෙසේ නමුත් එම ගිවිසුම මේ වනවිට අහෝසි වී තිබේ. අපරාධ චෝදනා ගොනු කිරීම සිදුවූයේ ඒ අනුවය.



අදහස් (0)

බයිඩන් පුතුට අපරාධ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site