ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව මීට සුළු මොහොතකට පෙර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
සමුළුව ආරම්භ වූයේ ජිනීවා වේලාවෙන් 1.30 ටය. සමුළුව පැවැත්වෙන්නේ, ජිනීවා විල ආසන්නයේ ඇති 18 වැනි සියවසේ ඉදිකරනු ලැබූ 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයේය.
රාජ්‍ය නායකයන් දෙදෙනාගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.
'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයට රාජ්‍ය නායකයන් දෙදෙනා පැමිණි විට ඔවුන් පිළිගනු ලැබුවේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා විසිනි.
බයිඩන් සමග ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පුටින් සමග රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද පැමිණියහ.
එකිනෙකා පිළිගැනීමෙන් පසු බයිඩන් සහ පුටින් අතර සාකච්ඡා ආරම්භ වූයේ මන්දිරයේ පුස්තකාලය පිහිටි ශාලාවේදීය.
1985 වසරේ දී ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ ද මෙම පැරැණි මන්දිරයේය.
ඇමෙරිකා රුසියා දේශපාලනික කටයුතු සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තය සැමවිටම මධ්‍යස්ථව කටයුතු තරයි. 1985 වසරේදී රේගන් සහ මිහායෙල් ගොර්බචොෆ් හමුවත්, අද බයිඩන් සහ පුටින් හමුවත් පැවැත්වෙන්නේ එසේ මධ්‍යස්ථව කටයුතු කරන බැවිනි.
(සී.එන්.එන්.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බයිඩන් පුටින් හමුවෙති