IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බයිඩන් - පුටින් සාකච්ඡා සාර්ථකයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති සාකච්ඡා සාර්ථක වූ බව පැවැසෙයි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස රුසියන් ජනාධිපති පුටින් හමුවුණු පළමු අවස්ථව මෙයයි. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ජිනීවා විල අසල පිහිටි ඓතිහාසික 'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයේය.

සාකච්ඡා පැය 4 ක් හෝ 5 ක් තිස්සේ පැවැත්වේවි යැයි අනුමාන කළත් එය පැය දෙකකින් පමණ අවසන් විය. පළමු වටයේ සාකච්ඡා සඳහා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදේශ ඇමැති) ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහභාගී වූහ.

දෙවැනි වටයේ සාකච්ඡා සඳහා මෙම පිරිසට අමතරව, දෙරටේ තවත් නියෝජිතයන් එක් වූහ. පසුගිය කාලය තිස්සේ, ඇමෙරිකාව සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබූ බැවින්, ඇමෙරිකාව එරට රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද රුසියාව එරට ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද නෙරපා දමා තිබුණි. සාකච්ඡාවලින් පසු රුසියාවත් ඇමෙරිකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය විය.

රුසියාවේ අනුග්‍රහය යටතේ සිදුවුණැයි පැවැසෙන 'සයිබර්' ප්‍රහාර සම්බන්ධයෙන් ද යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ද රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ද බයිඩන් සහ පුටින් හමුවේ දී සාකච්ඡා කෙරුණි.

සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බයිඩන් වෙනම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ අතර, රුසියන් ජනාධිපති පුටින් ජිනීවා අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී විය.

බයිඩන් සහභාගී වූ මාධ්‍ය හමුවට රුසියන් මාධ්‍යවේදීන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් පුටින්ගේ මාධ්‍ය හමුවට ඇමෙරිකන් මාධ්‍යවේදීහු සහභාගී වූහ.

ඔවුන් අත්අඩංගුවේ පසුවන ඇලෙක්සි නෙවලිනි ගැන ජනපති පුටින්ගෙන් විමසීමක් කළේය. නෙවල්නි අත්අඩංගුවට ගන්නා බව තමන් දැන සිටි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඔහු වැරදි කළ නිසා බවත් රුසියන් ජනාධිපති පුටින් පිළිතුරු දෙමින් කියා සිටියේය.

ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන් - පුටින් සාකච්ඡා සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site