IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බයිඩන් ජින්පින් දුරකතන සංවාදයක

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැය එකහාමාරකට ආසන්න කාලයක් දුරකතන සංවාදයක යෙදී ඇත.

ලොව බලවත්ම රටවල් දෙක මෙන්ම ලොව විශාලතම ආර්ථික දෙකට හිමිකම් කියන රටවල් දෙක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය යි.

දෙරටේ නායකයන් දෙදෙනා මෙලෙස කතාබහ කර ඇත්තේ මාස හතකට පසුව ය. දෙරට අතර තිබෙන තරගය අර්බුදයක් කරා නොයෑමට පියවර ගත යුතු යැයි නායකයන් මෙහිදි සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඇමෙරිකාව සහ චීනය අතර පවතින සම්බන්ධතා දශක ගණනාවකට පසු මේ වනවිට නරකම තත්ත්වයට පත්ව ඇත.

දෙරට අතර තිබෙන ගැටුම නිරාකරණය යහපත් සම්බන්ධතාවයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් බැලිය හැක්කේ අවසාන ප්‍රතිඵලවලින් යැයි දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබූ අතර දෙදෙනා අතර සාකච්ඡාව “පුළුල් සහ උපායමාර්ගික සාකච්ඡාවක්” පැවැති බව එහි සඳහන් විය.

දෙරට ට එකඟ විය හැකි සහ නොවිය හැකි “ලැදියා, අභිලාෂ සහ වටිනාකම්” සම්බන්ධයෙන් මෙන්ම එම සාකච්ඡාවේදී නායකයන් දෙදෙනා ආර්ථික කරුණු, දේශගුණික විපර්යාස සහ කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ද ඇමෙරිකානු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

සාමය, ස්ථාවරත්වය, ඉන්දු-ශාන්තිකර කලාපයේ සහ ලෝකයේ සෞභාග්‍ය සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවත් දෙරටේ තරගකාරීත්වය අර්බුදයකට නොයෑම තහවුරු කිරීමට සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඇමෙරිකාවේ සහ චීනයේ ඉහළ පෙළේ හමුවීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන අතර බයිඩන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පැවැති සාකච්ඡාවලදී කිසිදු ප්‍රගතියක් අත්පත් කරගැනීමට දෙරටම අපොහොසත් විය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර අවසන් වරට සාකච්ඡාවක් පැවැතියේ ඉකුත් පෙබරවාරි මාසයේ දී ය. විශේෂයෙන්ම මානව හිමිකම්, විනිවිදභාවය සහ ‘කොවිඩ්-19’ වසංගතයේ ආරම්භය යන කරුණු සම්බන්ධයෙන් දෙරට අතර අර්බුද ඇති විය.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඉකුත් පෙබරවාරි මාසයේ දී පැවැති රටවල් දෙක අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වූ අතර ඇතැම් අවස්ථාවලදී දෙපාර්ශවය ප්‍රසිද්ධියේ එකිනෙකාට දැඩි සහ උග්‍ර විවේචන එල්ල කරගත්තේ ය. ජාත්‍යන්තර සම්මතවලට සහ වගකීම්වලට ක්‍රියා නොකිරීම නිසා දෙරට, විශේෂයෙන්ම ඇමෙරිකාවේ චීනයේ ඇතැම් නිලධාරීන්ට සම්බාධක ද පැනවී ය.

ඇමෙරිකාව, චීනය සම්බන්ධයෙන් අනුගමනය ප්‍රතිපත්තිය හේතුවෙන් දෙරට අතර සම්බන්ධතා “ඉතා දුෂ්කර තත්ත්වයකට” පත් ව ඇතැයි චීන ජනාධිපතිවරයා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට පවසා ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ නමුත් අඛණ්ඩව ඉහළ පෙළේ සම්බන්ධතා පවත්වාගෙන යෑමටත් නිරන්තරයෙන් සන්නිවේදනය කිරීමටත් දෙපාර්ශවය එකඟතාව පළ කර ඇත.

“චීනය සහ ඇමෙරිකාව ධෛර්යමත් සහ බුද්ධිමත් උපායමාර්ගයක් පෙන්විය යුතු යි. දේශපාලන නිර්භීතකමත් පරිණත බවත් පෙන්නුම් කළ යුතු යි. ඒ  වගේම චීන-ඇමෙරිකානු සම්බන්ධතා ස්ථාවර සංවර්ධනයටත් නියමිත මාර්ගයත් හරවා ගත යුතු යි. හැකි ඉක්මනින් එය කළ යුතු” යැයි චීන ජනාධිපතිවරයා උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.

(රොයිටර්)



අදහස් (0)

බයිඩන් ජින්පින් දුරකතන සංවාදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site