
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ අරමුණ, ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින අර්බුද අවසන් කිරීම සහ දෙරට අතරේ සබදතා සාමාන්‍යකරණය කිරීම යැයි ධවල මන්දිරය පවසයි.
ලොව ප්‍රබලතම ආර්ථික බලවතුන් වන ඇමෙරිකාවත් චීනයත් අතරේ කරුණු කාරණා කීපයක් මුල්කොට ගනිමින් අර්බුද පවතී.
පසුගිය දා නවදිල්ලියේදී අවසන් වුණු 'ජී20' සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහභාගී විය. එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවිය. කෙසේ නමුත් ෂී ජින්පින් සමුළුවට පැමිණියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd