
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර, මේ ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින අවසන් සති කිහිපයයි.
“ඇමෙරිකන් ජනාධිපති ලෙස මේ මහ සමුළුව අමතන සිවුවැනි අවස්ථාව මෙයයි. ඒ වගේමයි ඇමෙරිකන් ජනාධිපති ලෙස මම එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන අවසන් වතාව වන්නේ ද මෙයයි.” යැයි ජනාධිපති බයිඩන් සිය දේශනය ආරම්භ කරමින් පැවැසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම සහ ජනාධිපති ධුරයෙන් සමුගැනීමට තමන් ගත් එම තීරණය ඉතා වේදනාකාරී එකක් යැයි බයිඩන් සමුළුවට සහභාගී වූ ලෝක නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිස අමතමින් පැහැදිලි කළේය. බයිඩන් මිනිත්තු 25 ක කාලයක් සිය දේශනය පැවැත්වීය.
තමන් ජනාධිපති ධුරයෙන් සමුගන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟත් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟත් ගැටුම් පවතින අවස්ථාවක බවත්, එම ගැටුම්වලට තමන්ට ඇමෙරිකන් ජනාධිපති ලෙස විසඳුම් සෙවීමට නොහැකි වූ බවත් බයිඩන් පැවැසුවේ කනස්සල්ලෙනි. ජනාධිපති ධුරයෙන් සමුගැනීම වේදනාකාරී යැයි බයිඩන් පැවැසුවේ මේ නිසාය.
සෙසු ලෝක නායකයන් මෙන්ම බයිඩන් ද සිය වැඩි අවදානයක් යොමු කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මේ වනවිට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙනි. ලෙබනනය සමඟ යුද ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින්නැයි බයිඩන් ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට ද අමතක නොකළේය.
ඊට අමතරව, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපති බයිඩන් අදහස් දැක්වීය. රුසියන් ප්‍රහාර හමුවේ දිගින් දිගටම යුක්රේනයට බටහිර නායකයන්ගේ සහාය අවශ්‍ය බව ජෝ බයිඩන් සමුළුව අමතමින් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි