ඇෆ්ගනිස්ථානයේ ජලලාභාද් නගරයේ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් රැස්වී සිටි නිවාසයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙනකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම පිරිස ජනාධිපති අශ්රෆ් ගානිගේ අනුගාමිකයන් බවද මාධ්‍ය වාර්ථා කර ඇත.
මොවුන් මෙම නිවසට රැස්වී අැත්තේ තලේබාන් කැරළිකරුවන් විසින් මාසයක පමණ කාලයක් රඳවාගෙන සිිටි ඥාතියෙකු නිදහස් කිරිම සැමරීම සඳහාය. නිදහස් කරන ලද පුද්ගලයාද ඇතුළුව 14දෙනකු තුවාල ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd