මෙහෙයුමකින් පසු නැවත කඳවුර බලා පැමිණෙමින් සිටි ඉරාක ප‍්‍රහාර ගුවන්යානයක හදිසියේ මතුවූ කාර්මික දෝෂයක් නිසා එහි වූ බෝම්බයක් බැග්ඩෑඩයේ ජනාකීර්ණ පෙදෙසකට වැටී පුපුරායෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබේ.
මෙහෙයුම අවස්ථාවේදීත් මෙම යානය කාර්මික දෝෂ වලට ලක්ව ඇතැයි සඳහන් වන අතර බැග්ඩෑඩයට වැටුණු බෝම්බය අයිඑස් ඉලක්කයක් මත පතිත කිරීමට නියමිතව තිබු එකක් බව කියති.
සුකෝයි එස්යූ 25 වර්ගයට අයත් වන මෙම යානය ඉරාකයට ලබාදී ඇත්තේ රුසියාවයි.
බැග්ඩෑඩයට සැතපුම් 70 ක පමණ දුරින් පිහිටි රමාඩි නගරය මේ වන විට අයිඑස් අණසක යටතේ පවතී. අන්තවාදීන්ගේ ඊළග ඉලක්කය වන්නේ බැග්ඩෑඩ් නගරය හෙයින් හඳුනාගත් සතුරු ඉලක්කයන්ට දැඩි ප‍්‍රහාර එල්ල කිරීම ඉරාක ආරක්ෂක අංශ මේ දිනවල සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
480
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බය වැරදි තැනකට වැටෙයි
ඉසුරන්දි Wednesday, 08 July 2015 07:29 AM
මිනිසා විසින් මිනිසාව විනාශ කරගන්නවා.(නදී)
ෂෆික් Wednesday, 08 July 2015 08:40 AM
අල්ලා...(බ)
රුවන් Wednesday, 08 July 2015 08:42 AM
බුදු දහම තරම් අවිහිංසා වාදී ආගමක් තවත් නෑ... මේ අයගේ මොලේ පැදිලා දුෂ්ඨකම් නැති වේවා ! (ම)
වසන්ත Thursday, 09 July 2015 04:44 PM
වැඩිම දේශපාලන හොරු ඉන්න රට. (නි)
බටුගෙදර Thursday, 09 July 2015 10:55 AM
හිනා යන අදහස් මේ අපේ කට්ටියගේ ? කොහෙද යන්නේ මල්ලේ පොල් ම තමා. (ර)
චතුර Wednesday, 08 July 2015 09:56 AM
රුවන් , බුදුදහම විතරක් නෙමෙයි අනිත් ආගනුත් අහිංසාවාදියි.ඒක මිනිස්සු භාවිතා කරන විදිහ වැරදියි. බලන්න ලංකාවේ ගොඩක් බෞද්ධයෝ බුදුදහම භාවිතා කරන විදිය. එයාල ආගමේ කියලා තියෙන විදිහටද හැසිරෙන්නේ? (නි)
සුනිල් Wednesday, 08 July 2015 09:57 AM
ලෝකේ මවපු දෙවියන් මිනිසාට දුෂ්ට කම කියල දුන්නේ නැහැ. මිනිසාට නිදහස් කැමැත්තක් දුන්න තමුන් කරන්න කැමති දේ කරන්න. එ්කෙන් මිනිහා දුෂ්ට කම තෝරගත්තට දෙවියන්ට දොස් කියන්න බැහැ (නදී)
කුමාර් Wednesday, 08 July 2015 10:26 AM
රුවන්, අනේ මොකටද මගේ කට. බුදු දහමේ අහිංසාව බලන්න යන්න ඕනා "මියන්මාර්" රටට. (නදී)
සිල්වියා Wednesday, 08 July 2015 04:03 PM
ලංකාවේ බහුතරයක් වෙන බුද්ධාගමේ මිනිස්සුම කරන දේවල් දැක්කහම කොහෙද ඔය රුවන්ගේ කතාවට ගැළපෙන අය ඉන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා (නි)
නිසාර් Wednesday, 08 July 2015 11:18 AM
අතුල, ලෝකය මවපු කෙනාට විනාශ කරන්න අයිතියක් නැද්ද? (හේ)
කල්ප Thursday, 09 July 2015 08:56 PM
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
සිසිර Wednesday, 08 July 2015 12:30 PM
රුවන්, ඒ වුණාට ලංකාවේ යුද සමයේ සාමාන්‍ය අහිංසක දෙමළ ජනයා මෙන්ම අසූව දශකයේ විප්ලව සමයේ අහිංසක සිංහල ජනයාද නිරපරාදේ මැරුණු අවස්ථා එමටයි (නි)
චන්න බුවනක Wednesday, 08 July 2015 07:51 PM
මේවා උත්තර නැති ප්‍රශ්න.(නදී)
අතුල Wednesday, 08 July 2015 05:38 AM
මේක ලෝකේ මවපු අයගේ වැරැද්ද! (බ)
නෆීස් Thursday, 09 July 2015 01:50 PM
අනේ දෙවියනේ! (නි)