මෙහෙයුමකින් පසු නැවත කඳවුර බලා පැමිණෙමින් සිටි ඉරාක ප‍්‍රහාර ගුවන්යානයක හදිසියේ මතුවූ කාර්මික දෝෂයක් නිසා එහි වූ බෝම්බයක් බැග්ඩෑඩයේ ජනාකීර්ණ පෙදෙසකට වැටී පුපුරායෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබේ.
මෙහෙයුම අවස්ථාවේදීත් මෙම යානය කාර්මික දෝෂ වලට ලක්ව ඇතැයි සඳහන් වන අතර බැග්ඩෑඩයට වැටුණු බෝම්බය අයිඑස් ඉලක්කයක් මත පතිත කිරීමට නියමිතව තිබු එකක් බව කියති.
සුකෝයි එස්යූ 25 වර්ගයට අයත් වන මෙම යානය ඉරාකයට ලබාදී ඇත්තේ රුසියාවයි.
බැග්ඩෑඩයට සැතපුම් 70 ක පමණ දුරින් පිහිටි රමාඩි නගරය මේ වන විට අයිඑස් අණසක යටතේ පවතී. අන්තවාදීන්ගේ ඊළග ඉලක්කය වන්නේ බැග්ඩෑඩ් නගරය හෙයින් හඳුනාගත් සතුරු ඉලක්කයන්ට දැඩි ප‍්‍රහාර එල්ල කිරීම ඉරාක ආරක්ෂක අංශ මේ දිනවල සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා විසින් මිනිසාව විනාශ කරගන්නවා.(නදී)
අල්ලා...(බ)
බුදු දහම තරම් අවිහිංසා වාදී ආගමක් තවත් නෑ... මේ අයගේ මොලේ පැදිලා දුෂ්ඨකම් නැති වේවා ! (ම)
වැඩිම දේශපාලන හොරු ඉන්න රට. (නි)
හිනා යන අදහස් මේ අපේ කට්ටියගේ ? කොහෙද යන්නේ මල්ලේ පොල් ම තමා. (ර)
රුවන් , බුදුදහම විතරක් නෙමෙයි අනිත් ආගනුත් අහිංසාවාදියි.ඒක මිනිස්සු භාවිතා කරන විදිහ වැරදියි. බලන්න ලංකාවේ ගොඩක් බෞද්ධයෝ බුදුදහම භාවිතා කරන විදිය. එයාල ආගමේ කියලා තියෙන විදිහටද හැසිරෙන්නේ? (නි)
ලෝකේ මවපු දෙවියන් මිනිසාට දුෂ්ට කම කියල දුන්නේ නැහැ. මිනිසාට නිදහස් කැමැත්තක් දුන්න තමුන් කරන්න කැමති දේ කරන්න. එ්කෙන් මිනිහා දුෂ්ට කම තෝරගත්තට දෙවියන්ට දොස් කියන්න බැහැ (නදී)
රුවන්, අනේ මොකටද මගේ කට. බුදු දහමේ අහිංසාව බලන්න යන්න ඕනා "මියන්මාර්" රටට. (නදී)
ලංකාවේ බහුතරයක් වෙන බුද්ධාගමේ මිනිස්සුම කරන දේවල් දැක්කහම කොහෙද ඔය රුවන්ගේ කතාවට ගැළපෙන අය ඉන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා (නි)
අතුල, ලෝකය මවපු කෙනාට විනාශ කරන්න අයිතියක් නැද්ද? (හේ)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
රුවන්, ඒ වුණාට ලංකාවේ යුද සමයේ සාමාන්‍ය අහිංසක දෙමළ ජනයා මෙන්ම අසූව දශකයේ විප්ලව සමයේ අහිංසක සිංහල ජනයාද නිරපරාදේ මැරුණු අවස්ථා එමටයි (නි)
මේවා උත්තර නැති ප්‍රශ්න.(නදී)
මේක ලෝකේ මවපු අයගේ වැරැද්ද! (බ)
අනේ දෙවියනේ! (නි)