
නවදිල්ලියේ රතු බලකොටුව අසල පුපුරා ගිය කාර් බෝම්බය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උමර් මොහොමඩ් නොහොත් උමර් උන්-නබි නම් වෛද්‍යවරයාගේ ඉන්දු කාශ්මීරයේ පිහිටි නිවස ඉන්දීය ආරක්ෂක අංශ විසින් අද (14) අලුයම කඩා දැමූ බව පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් මෙම ප්‍රහාරයට ඍජුව චෝදනා එල්ල වී ඇති උමර්-උන්-නබි ෆරීදාබාද්හි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ බව පැවැසෙයි.
උමර් උන්-නබි ගේ නිවස කඩාදැමීමේ අරමුණ ඉන්දීය භූමියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන අයට පණිවිඩයක් යැවීම බව ඉන්දීය ආරක්ෂක අංශ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ සියගානක් මරාදම්ම ත්රස්තවාදීන්ගේ දේපල පවරාගත්තේ නැහැ.