ජර්මනියේ ලයිප්ෂිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (22) ලයිප්ෂිග්හී සිර මැදිරියකදී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එය සියදිවි හානි කරගැනීමක් යැයි බලධාරීහු සැක කරති.

ඔහු සිරියා ජාතිකයෙකු යැයි මාධ්‍ය පවසයි.ඔහු දින කිහිපයකට පෙර අත් අඩංගුවට ගත් අතර ඔහු බර්ලින් ගුවන්තොටුපළට ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බවට සැක මතු විය.

ඔහුගේ හා ඔහු සම්බන්ධ ත්‍රස්ත ජාලයේ අනාගත සැලසුම් රැසක් අනාවරණය කරගැනීමට තිබූ අවස්ථාව ඔහු සමගම මිය ගිය බව බලධාරීහු පවසති. ඔහු මිය යාමත් සමග පරීක්ෂණ දුෂ්කර තත්ත්වයකට පත්වෙනු ඇතැයි ද කියති.ඔහු අයි එස් ත්‍රස්තයින් සමග සම්බන්ධකමක් ඇතැයි ඔවුහූ විශ්වාස කරති.

_91744410_79768b0b-71ba-4061-b7d0-c1a4e2ad9d4e _91893257_035834299