බර්ලින්හිදීය (ඒ.එෆ්.පී)
දෙවැනි ලෝක යුද සමයේ දී පසුව පුපුරුවා යෑමට සැලැසුම් කරන ලද බෝම්බයක් ඇති බවට අනාවරණය වීමත් සමඟ ජර්මනියේ බර්ලින් අද (20) තරමක් කලබලකාරී ස්වරූපයක් ගත්තේය.
ජර්මනියේ අගනුවර වන මධ්‍යම දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී පුපුරා නොගිය මෙම හමුවී තිබේ. පුපුරා නොගිය බෝම්බයක් තිබෙන බව අනාවරණය වීමත් සමඟ කඩිනමින් ජනතාව ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර බස්, දුම්රිය ඇතුළු ගොඩබිම් ප්‍රවාහන සේවා පමණක් නොව බර්ලින් නුවරට ඉහළින් කෙරෙන ගුවන් ගමන් සියල්ල ද පැය කිහිපයකට නතර කෙරුණි.
බ්‍රිතාන්‍යයට අයත් බව පැවසෙන කිලෝග්‍රෑම් 500ක බරින් යුතු මෙම බෝම්බය ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන භූමියක තිබී හමුවී තිබේ.
බෝම්බ නිෂ්ක්‍රීය අංශ කඩිනමින් බෝම්බය තිබෙන ස්ථානය වෙත පැමිණ එය නිෂ්ක්‍රීය කළේය.
බෝම්බය තිබෙන බව අනාවරණය වීමත් සමඟ මීටර 800ක ආසන්න දුරක පිරිස් ඉවත් කිරීමට ජර්මානු බලධාරීහු කටයුතු කළහ. බර්ලිනයේ මධ්‍යම දුම්රිය ස්ථානය යනු ජර්මනියේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. දිනකට මෙහි යන එන මගීන්ගේ සංඛ්‍යාව 300,000 ඉක්මවයි.
දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 70කට වැඩි කාලයක් ගත වී තිබුණත් එම කාලයේදී වළලා දැමූ බෝම්බ පසුගිය කාලයේ දී දිගින් දිගටම හමුවිය.
මිත්‍ර පාර්ශීය රටවල් නාසි ජර්මනියට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් කාල ගණන ඇතිව මෙම බෝම්බ වළලා දමනු ලැබ තිබේ. එමෙන්ම මේ ආකාරයේ බෝම්බ 3,000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් බර්ලින් නුවර වළලා ඇතැයි පැවසේ.
055

2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ බියකින් බර්ලින් නුවර කලබලයක්