මොරිෂස් සිට පැරිස් දක්වා ගමන් කරමින් තිබූ ප්‍රංශ ගුවන් යානයක වැසිකිළියේ තිබූ බෝම්බයක් බවට සැකකෙරෙන උපකරණයක් හමුවීම හේතුවෙන් හදිසියේ කෙන්යාවේ වෙරළබඩ නගරයක් වන මොම්බාසා හි ගොඩබෑමට ක්‍රියා කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කෙන්යාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක චාල්ස් ඔවිනෝ සඳහන් කළේ මගීන් 459 දෙනකු රැගත් බෝයින්ග් 777 එයාර් ෆ්‍රාන්ස් 463 ගුවන් යානය පැරිසියේ ෂල් ද ගෝ ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් තිබියදී එහි නියමුවා කෙන්යාවේ මෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හදිසියේ ගොඩබෑමට ඉල්ලීමක් කර ඇත.
ඔවිනෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ වැසිකිළියේ තිබී පිපිරුමක් ඇතිවිය හැකි උපකරණයක් සොයාගත් බවත් බෝම්බ පිළිබඳ විශේෂඥයන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඔය වගේ කාලයක් තිබුන !! අපිටත් ඒ බය දැනුණා (බ)