බීමත්ව සිටි බව කියන ගුවන් නියමුවකු(37) ගුවන් යානයේ නියමු කුටියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන පැය දෙකකට පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඔහුගේ ඇල්කොහොල් මට්ටම සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයකින් වැඩි බවයි.

‘සන්වින්‘ ගුවන් සේවයට අයත් එම ගුවන් යානයේ මගීන් 100 දෙනක් සිටියහ.එම යානය වෙනත් ගුවන් නියමුවකු යොදාගෙන ගුවන් ගමන් ඇරැඹීය.

ඔහුගේ හැසිරීමේ වෙනස් වී ඇති බව දුටු ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයෝ ඒ බව බලධාරීන්ට දැනුම් දුන්හ.

‘ගුවන් යානාවක් භාරව සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කිරීම‘යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොණු කැරිණි.

මින් විශාල ව්‍යසනයක් වන්නට ඉඩ තිබු බවත් මෙවන් විශාල ගුවන් යානාවක් බීමත්ව සිටියදී ගුවන් ගත කිරීමේ හැකියාව අඩු බවත් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෝල් ස්ටේසි පැවසීය.