IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බාබර් කතුර විසිකරයි : කඩුව අතට ගනී

කතුරට ඇති තැන කඩුවට දී ඇති කරණවෑමියෙකි වියට්නාම ජාතික න්ගුයෙන්ග් හෝඇන්ග් හුන්ග්.

ඔහුගේ කරණවෑමි සාප්පුවට පැමිණෙන්නන් ගේ කොණ්ඩය කැපෙන්නේ හුන්ගේ අත ඇති සමුරායි කඩුවකිනි.කඩුවක් අත තිබුණේ යැයි කියා හුන්ග් උමතුවෙන් නොහැසිරෙන අතර මනා සංයමයකින් කඩුව හසුරුවන ඔහු අපූරුවට කොණ්ඩය කපා දේ.

තමා කඩුවකින් කොණ්ඩය කැපීමට උගත්තේ මීට වසර 4 කට පමණ පෙර සහභාගී වූ කුසලතා පෙන්වීමේ තරගයකින් පසු බව හුන්ග් කියයි.එම තරගයේදී හුන්ග්ට කතුරක් හෝ වෙනත් කොණ්ඩා කපන උපකරණයක් හෝ නොමැතිව පුද්ගලයෙකුගේ කොණ්ඩය කපා පෙන්වන්නැයි අභියෝගයක් ඉදිරිපත්ව තිබෙන අතර එහිදී අත් කියතක් භාවිතා කරමින් හුන්ග් එම පුද්ගලයාගේ කොණ්ඩය කපා ඇත.

මෙයින් පසු කඩුවකින් කොණ්ඩය කැපිය හැකිදැයි සොයා බැලු බවත් වසර ගණනක් උත්සාහ කිරීමෙන් පසු දැන් කතුරකින් කපනවාටත් වඩා හොදින් කඩුවෙන් කොණ්ඩය කැපිය හැකි බවත් ඔහු කියයි.

හුන්ගේ සාප්පුවට පැමිණෙන්නවුන්ගේද ඉහළ යෑමක් දක්නට තිබෙන අතර ඔවුන් කියන්නේ කතුරකින් කැපූ කොණ්ඩයකට වඩා වැඩි පෙනුමක් කඩුවෙන් කැපූ කොණ්ඩයට තිබෙන බවයි.මේ බව හුන්ග්ද පිළිගනී.

හුන්ග් කොණ්ඩය කැපීම සදහා භාවිතා කරන කඩුව 15 වැනි සියවසේදී ජපාන සමුරායිවරුන් අතර ජනප්‍රිය අවියකි.සතුරා හා මුහුණයට මුහුණ සටන් වලට යොදා නොගත්තද මුවහත ඉතා තියුණු නිසා ඉක්මන් පහරදීම් හා හිස ගසා දැමීම් ආදියට මෙම කඩුව යොදාගෙන ඇතැයි සදහන්ය.

සමුරායිවරුන් එසේ කළද හුන්ග් නම් එසේ නැත.හිස ගසා දැමීමට හෝ පහර දීමට අවශ්‍යතාවක් නැති ඔහුගේ එකම අරමුණ තම පාරිභෝගිකයින්ගේ කොණ්ඩා අලංකාරව කපා දීම පමණි.

Haircuts-with-Katana-(Wakizashi---Japanese-Sword).mp4_snapshot_00.28_[2014.11.07_10.05 Haircuts-with-Katana-(Wakizashi---Japanese-Sword).mp4_snapshot_02.09_[2014.11.07_10.05 Haircuts-with-Katana-(Wakizashi---Japanese-Sword).mp4_snapshot_02.25_[2014.11.07_10.06



අදහස් (0)

බාබර් කතුර විසිකරයි : කඩුව අතට ගනී

රූපවති Friday, 07 November 2014 07:15 AM

බුදු අම්මෝ ..බැරිවෙලාවත් නොනහාමිගේ කන්කරච්චල ප්‍රහාරයකට හසුවෙලා හුන් වෙලාවක කොන්ඩේ කපන්න කඩුව අතට ගත්තොත් දිගට හරහට පෙති ගහගෙන ගියොත් මොන දෙවියන්ට කියන්නද..? මමනම් යන්නේ නැහැ කෝටියක් දෙනවා කීවත් .. මගේ අම්මෝ මම මගේ ජීවිතේට ආදරෙයි ..!!! (හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 11:57 AM

අම්මෝ කඩු එක්ක මොන සෙල්ලම්ද කොල්ලෝ. (නදී)

:       0       0

සුජිත් Friday, 07 November 2014 12:19 PM

යුද්දෙට නැති කඩුව කොණ්ඩය කපන්නද කියලා හිතුනා (නි)

:       0       0

සිරිසේන Friday, 07 November 2014 10:37 PM

එතකොට කොණ්ඩය අඩු කතුන්ගේ කොහොමද මේකෙන් කපන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site