ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ඉකුත් ඉන්දීය සංචාරයේදී නව දිල්ලියේ මොහාන්දාස් කේ. ගාන්ධි අනුස්මරණ භූමියේ රෝපණය කළ බෝ ගස මේ වන විට පත්‍ර මැලවී විනාශවීමේ අවදානමක් ඇතැයි ඉන්දීය මාධ්‍යවේදීහු චෝදනා කරති.
නව දිල්ලි නුවර උද්භිද විද්‍යාඥයන් පවසන්නේ මෙම කාලයේ මෙවැනි ශාකවල පත්‍ර ශීත කාලයේදී හැළීම සාමාන්‍ය දෙයක් බවත් බෝ ශාකය ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බවත් ඉදිරි කාලයේදී හොඳින් වර්ධනය වනු ඇති බවත්ය.
මෙම බෝ ශාකය ඔබාමා විසින් රෝපණය කර මාසයක් ගතවීමටත් පෙර විනාශවීමට ඉඩ හළ බවට මාධ්‍යවේදීන් ඉන්දීය බලධාරීන්ට චෝදනා කළ බව ඇරබ් නිවුස් පුවත්පත සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිටියානම් තවත් කොමිසමක් දාන්න තිබුනා (නදී)
ඔබාමාගේ වරද නොවේ. ඇමෙරිකානු රජය ලෝකයට කරන අහිතකර දේ වලට ලැබෙන ආනිසංස. (නි)
ඔබාමාගේ අත්ගුණේ හොඳ නැහැ වගේ .(හේ)
ඔබාමාගේ අත්ගුණේ හොඳ නැහැ වගේ .(හේ)
මෙම බෝ පලය ඔය අන්දමට සිටුවීමට සුදුසු පලයක් නොවන බවයි පෙනෙන්නේ. පලය අඩි 4 ක් පමණ උසයි. මේ වගේ පල රූට් බෝල් ක්‍රමයට සකස් කලොත් තමයි ස්ථිර වශයෙන්ම වැඩෙන්නේ. (අ)
මම හිතුවේ ඉන්දියන් කාරයෝ මිට වඩා වැඩ්ඩෝ කියල. අපේ කට්ටිය නම් ගහමරුනොත් තව එකක් හිටවවී මාට්ටුවෙන්න ඉස්සෙල්ල (අ)
ඕක අපේ හිටපු ජනාධිපතිතුමා පැලකළා නම් , ඕනෑම කාලෙක කොළ දාලා පැලවෙනවා (නි)
හිටවපු පුද්ගලයා යහපත් නොවන නිසී එය පැල නොවන්න හෙතුව (අ)
ඕනෑම ළපටි පැලයක කොළ මැලවීයාම සාමාන්‍ය දෙයක්.ඒ වුණාට බෝ පැලයක් අකාලයේ මැලවී, නැතිවෙන්නේ නැහැ. (නි)
අනිවාර්යයෙන්ම අරාබි නිව්ස් වාර්තාකාරයා මොනවා හරි වැක්කෙරුවද ? (නදී)