හරිත විප්ලවයකට යමින් සිටින ගමනට තවත් අලූත් දෙයක් එක් කරමින් බඳෙහි ආලේප කර ඇති තීන්ත වලින් පවා බලය සැපයෙන අපූරු මෝටර් රථයක් බෙන්ස් සමාගම පසුගියදා එළිදැක්වූවේය.
මෙම රථයට ආලේප කර ඇති තීන්ත හිරු එළියෙන් ශක්තිය උරා ගන්නේයැයි පැවසෙන අතර එම ශක්තිය විද්‍යුතය බවට හරවා රථයේ එන්ජිම පණගැන්වීමට යොදාගන්නා බව සඳහන්ය.සාමාන්‍ය සූර්ය පැනලයකට එහා ගිය තාක්ෂණයක් මෙහි භාවිතා කෙරී ඇති බව නිර්මාපකයෝ කියති.
එතැනින්ද නොනැවතී මෝටර් රථය ධාවනය වෙද්දී බඳෙහි වැදී ඇතිල්ලීගෙන යන සුළං දහරා වලින් නිපදවෙන ස්ථිති විද්‍යුතය පවා එක් රැස්කර ගත හැකි සේ මෙම රථය නිර්මානය කර ඇත.
රථයේ පසුපස රෝද විදුලි මෝටරයකිනුත් ඉදිරිපස රෝද ජලකර වායුවෙන් දිවෙන එන්ජිමකිනුත් ජවගැන්වේ.
රථයේ අභ්‍යන්තරය විද්‍යා ප‍්‍රබන්ධ කතාවක එන යානයක් සිහිකැදවන අතර වාතය තවත් පිරිසිදු කිරීමට යැයි කියා අමතර ඔක්සිජන් සැපයුමක්ද එහි ඇත.
මෝටර් රථය පිළිඹද වැඩිදුර විස්තර තවමත් හෙළිවී නොමැති අතර නුදුරේදීම මෙය ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළ පසු සියලූම තොරතුරු ලබාදෙන බව නිර්මාපකයින් පවසයිි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕක මොකක්ද? අපේ රටේ මීට වඩා කොච්චර දේවල් කරනවද? (නි)
උත්තරා බණ්ඩාර, අපේ රට එහෙම පහත් කරලා කතා කරන්න එපා. මේක ඔයාගේ රට. අපේ අයත් ලෝකේ ලොකු කොම්පැනි වල ඉංජිනේරුවරු විදිහට ඉන්න බව දන්නවද? ඔයාල වගේ අය තමා රට පස්සට දාන්නේ. ඔයා මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ. මම හිතන්නේ කටින් හිටවපු බතල ගලවල විසි කරනවා ඇති. (නදී)
දැනට සති 3 කට පෙර ප්‍රංශයේ පැරිස් නුවර තිබු ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය මමත් නැරඹුවා. ඒ හැරෙන්නට චීනයේ පිකින් නගරයේ ප්‍රදර්ශනයේ සියලුම විස්තර පින්තූර දුටුවා. මෙම මෝටර් රථය දුටුවේ නැහැ. එහෙත් ඉදිරිපස සම්පුර්ණයෙන් ලෙඩ් විදුලි බුබුළු වලින් ආලෝක වන බෙන්ස් රථ කිහිපයක් දුටුවා. එය නුදුරු අනාගතයේ වෙළඳ පොළට එවන බව දන්වා තිබුනා (නි)
අපේ ආශ්චර්යවත් දේවල් තවම මඟ එනවා. 2500 වසරක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක් අපි. (නි)
වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයේ, වැදගත් තාක්ෂණ අපේ මව් භාෂාවෙන්, අනෙක් අයව දැනුවත් කිරීම සම්බන්දයෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.(හේ)
ජර්මන් නිෂ්පාදන වලට ලෝකයේ වැඩි ඉල්ලුමක් තිබෙනවා (නි)
ඕවත් වැඩද මල්ලි, අපේ කට්ටිය කරන වැඩත් එක්ක (නි)
පුදුම ලොවක්.තව ඉදිරියට මොන දේ එයිද දන්නේ නෑ.(හේ)
හොද නිපැයුමක්.දිනෙන් දින දියුණු වන ලෝකය විශ්මිතයි.(හේ)
ඕවා අපේ ලාංකිකයන්ට ලොකු දේවල් නොවේ , අපේ ලාංකිකයන් කරන සාදන දේවල් වලට , ලෝකේ කටින් බතල සිටවන එකම රට අපේ ශ්‍රී ලංකාව බව ලෝකයා නොදනී (අ)
දේශපාලකයෝ නැත්නම් ලෝකයේ දියුණුම රට ශ්‍රී ලංකාවයි (නදී)
තාක්ෂණ දියුණුවේ පෙරමන් සලකුණු.(හේ)
අපේ රටේ දෙයක් ලොකුවට කලොත් ඉතින් එය හොරකමක් හෝ දරුණු ගනයේ අපරාධයක්ම තමයි.(නදී)
නයිට් රේස් පදින්න කියාපු වාහනය.... (නි)