අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් තෑගි වශයෙන් ලබා දෙන බව ඇමරිකාව නිවේදනය කරයි.
 
 තිස් හැවිරිදි හම්සා බින්ලාඩන්ගේ නායකත්වයෙන්  අල්කයිඩා සංවිධානය  වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.
 
හම්සා බින්ලාඩන් 2011 දී ඇමරිකානු හමුදා තමන්ගේ පියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පලිගන්නා බවට බටහිරට එරෙහි ප්‍රකාශයක් නිකුත් කරමින් අන්තර්ජාලය ඔස්සේ හඩපටයක් සහ වීඩියෝ පටයක් නිකුත් කර ඇත.
 
එක්සත් ජනපදය විසින් 2017 ජනවාරි මාසයේදී   හම්සා බින්ලාඩන් "ගෝලීය ත්‍රස්තවාදියෙකු " ලෙස නම් කරන ලදී.


 
(අල්ජසීරා ඇසුරිනි) 

63226