
කැරැලිකාර හමුදා කණ්ඩායමක්, බෙනින් රාජ්‍යයේ, බලය අත්පත් කර ගැනීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම කැරැලිකාර හමුදා කණ්ඩායම, බෙනින් ජනාධිපති මන්දිරය වටකොට, ජනාධිපති පැට්‍රීස් ටැලොන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත්, එම උත්සාහය අසාර්ථක වූ බව පැවැසෙයි. බෙනින් හමුදාව පැවැසුවේ, කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බවත්, කැරැලිකාර සොල්දාදුවන් අත්අඩංගුවට ගත් බවත්ය.
බෙනින් යනු පටහිර අප්‍රිකාවට අයත්, ප්‍රංශ බස කතා කරන රාජ්‍යයකි. අප්‍රිකාවේ හමුදා කුමන්ත්‍රණ බහුලය. පසුගිය දින කීපයේ ගිනි බිසෝ රාජ්‍යයේත්, මැඩගස්කරයේත් හමුදා කුමන්ත්‍රණ සිදුවුණු අතර මේ වනවිට එම රටවල බලය ඇත්තේ හමුදාව සතුවය.
පැට්‍රීස් ටැලොන්, බෙනින් රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවන්නේ 2016 වසරේ සිටය. ජනාධිපති ධුර කාලය ලබන 2026 දී අවසන් වන නමුත්, දිගටම බලයේ රැඳී සිටීමට ටැලොන් කැමැත්ත පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙනින් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි