බ්‍රසීලයේ ඇමසෝනස්හී බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් සිරකරුවෝ 56 දෙනක් මිය ගියහ.
මැර පිරිස් දෙකක් අතර ඇතිවු ගැටුමක් දුරදිග ගොස් මෙම තත්ත්වය ඇති වූ බව පොලිසිය කියයි.
පැය 17ක් පුරා පැවති ගැටුම අවසන් වූයේ සිරකරුවන් විසින් සොරාගනු ලැබූ ගිනිඅවි හා ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් බන්ධනාගාර නිලධාරීන් 12 දෙනා පොලිසියට බාර දීමෙන් අනතුරුවය.
සිරකරුවන්ගේ වැඩිපුරම සිටින රටවල් අතරින් ලොව සිව්වැනි රට බ්‍රසීලයයි.එරට බන්ධනාගාර වල සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා සිරකරුවන් සිටීම විශාල ගැටළුවක් බව බලධාරීහු පවසති.
ඇමසෝනස් ‘ඇනිසියෝ ජොබිම්‘බන්ධනාගාරයේ නේවාසික පහසුකම් ඇත්තේ සිරකරුවන් 454කට පමණක් වුවද එහි සිරකරුවන් 1224 දෙනකු සිටින බවද කියති.
හිස රහිත මළ සිරුරු හයක් සොයාගත් බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd