අල්ඛයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩ්න්ගේ බෑණාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සුලෙයිමන් අබු ගයික් නමැති ඔහුට සිරදඬුවම් නියමකැර ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණයකිනි. 2001 සැප්තැම්බර් මස 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය අවස්ථාවේ දී අබු ගයික් අල්ඛයිඩා සංවිධානයේ ප්‍රකාශකයකු ලෙස ද පෙනී සිටි බව ඇමෙරිකාව කියයි. කුවේට් ජාතිකයකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජෝර්දානයේ දී ය.