ලෝකයේ සිටි දරුණුතම ත‍්‍රස්තවාදි නායකයා ලෙස සැලකූ අල් කයිඩා සංවිධානයේ නායක බින් ලාඩන් මිය ගොස් වසර හතරකි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 100ක දුරකින් පිහිටි අබොතාබාඩ් හී නිවසේදි ඔහු මරු වැළඳ ගත් ඇමෙරිකා කොමාන්ඩෝ ප‍්‍රහාරයෙන් පසු ඔහුගේ නිවසේ තිබු බොහෝ බඩු භාණ්ඩ පරීක්ෂණ කණ්ඩායම් භාරයට පත් වූයේය. එම භාණ්ඩ ඇමෙරිකා රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු පුස්තකාලයේ බින් ලාඩන්ට හිමි රාක්කවල තැන්පත් කළේය.
එයින් ලබා ගත් සාක්කි පදනම් කොට පරීක්ෂණ වලින් පසු බින් ලාඩන් විසින් අධ්‍යයනය කළ පොත් පත් හා ලිපි ලේඛන තොගයක තොරතුරු ඇමෙරිකා රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැයි 20 වැනිදා හෙළි කළේය.
එම තොරතුරු අනුව බින් ලාඩන් ඇමෙරිකාව පලමු සතුරා වන විට දෙවැන්නා ප‍්‍රංශයයි. එයට සාක්කි ද ඔවුන් හෙළිකළ තොරතුරු ලැයිස්තුවේ අඩංගු වී ඇත්තේය. ඒ අතර ඔහු පරිහරණය කළ පොත් පත් අතර ප‍්‍රංශ කෘති හා ප‍්‍රංශය සම්බන්ධ බොහෝමයක් ලිපි ලේඛන ඇති බවත් එය විස්සක් පමණ වන බව එම වාර්තා උපුටා දක්වයි.
2011 ජනවාරි මස නෙදර්ලන්ත ජාතික සුප‍්‍රසිද්ධ රබෝබෑන්ක් හා 2009 දි යුරෝපා මහ බැංකුව නිකුත් කළ වාර්තා වල ප‍්‍රංශයේ ආර්ථිකය සම්බන්ධ සාරාංශ පිටපත් 18 වැනි සියවසේ ප‍්‍රංශයේ ආර්ථිකය හා සමාජය යන ප‍්‍රංශ කෘතියේ ඉංග‍්‍රිසි පරිවර්තනය හා ඩග්ලස් ලෙර්වින් විසින් රචිත 1929 ප‍්‍රංශයේ ආර්ථික අර්බූදය නැමැති කෘතී විශේෂ වේ. ප‍්‍රංශ හමුදාවේ ආරක්ෂණ ක‍්‍රමවේද ප‍්‍රංශ හමුදා පරිපාලනය ප‍්‍රංශ කර්මාන්ත ප‍්‍රංශ න්‍යෂ්ඨික ව්‍යාපෘති සදහා දැඩි ඇල්මක් මෙන්ම ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව සදහන්වේ. ප‍්‍රංශ නැව් සමාගම් ගැන සම්පූර්න සවිස්තර ලැයිස්තුවක් ඔහු සතුව තිබී ඇත්තේය.
ප‍්‍රංශයේ ආර්ථිකය කඩා බිද දැමීම ඔහුගේ ඉලක්කයක්වූ බවත් ඒ හරහා යුරෝපය ද දුර්වල කිරීම ඔහුගේ අවසාන ඉලක්කයක්වූ බවත් ප‍්‍රංශ ආරක්ෂක විශ්ලේෂකයෝ ප‍්‍රංශ මාධ්‍යයන්ට හෙළි කර සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙතුමා සමඟ කතාකිරීමට 1993 ගල්ෆ් යුද්ධ කාලෙදී අවස්ථාවක් ලැබුනා. ඒ මම බිල් ලාඩන් ගෲප් නමැති ආයතනයට වැඩ කරන කාලේ. වචන දෙක තුනක් කතාකරන්න ඉඩ ලැබුන එකත් වාසනාවක්. (නි)
බින් ලාඩන් කියවපු ලියවිලි රහසිගත ඒවාද? මෙතන, බින් ලාඩන්නේ කියෙව්වේ. ඒක තමා අවුල..... (නි)
බින් ලාඩන්ව හැදුවෙත් ඇමරිකාව, නැතිකළෙත් ඇමරිකාව. ලෝකයට ත්‍රස්තයන් බිහිකරන්නෙත් , පසුව ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගෙන නැතිකරන්නෙත් ඇමරිකාව. මුළු ලෝකයම ගුප්ත විදියට පාලනය කරන්නේ ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. එයින් ගැළවීමක් නොමැත (නි)
රිචි බාලසුරිය -හැම එකම තවකාලිකයි මොකෝ බය වෙන්නේ (බ)
තවත් සුර දුතයෙක්! (නි)
හොඳ ලිපියක් (නි)
ගෝලීය ත්‍රස්තවාදියාට එරෙහිව එකහඬින් නැඟීසිටින, "ලෝක පොලිස්කරු" හැටියට විරුදාවලිය ලබාසිටින එක්සත් ජනපදයට හැමවිට සහාය දෙන ප්‍රංශය, බින්ලාඩන්ගේ දෙවැනි සතුරා වීම පුදුමයට හේතුවක් නොවෙයි. බින් ලාඩන් ඇමෙරිකාව පළමු සතුරා වනවිට දෙවැන්නා ප‍්‍රංශයයි. (නි)
ඇමරිකාවට ජය වේවා. (නදී)