2010 වසරේදී නේපාල සාම සාධක භටයන් විසින් හයිටියට කොළරා විස බීජ රැගෙන ඒම හේතුවෙන් හයිටියට ඇතිවූ සෞඛ්‍ය අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හයිටි රාජ්‍යය ඊට පෙර කොළරා රෝගයෙන් නිදහස් රටක් ලෙස පැවැතිණි.

නමුත් නේපාල සාම සාධක හමුදා කොළරා රෝග විසබීජ හයිටියේ සාම සාධක හමුදා මූලස්ථානයේ තැන්පත් කර තැබූ අතර අපවහන නලයක සිදුවූ කාන්දුවකින් එම රෝග කාරක විසබීජ රට පුරා පැතිර ගියේය. ඒ සමග හයිටියේ දස දහස් ගණනක් එම රෝගය හේතුවෙන් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.