පුරාණ ලෝකයේ ජීවත්වූ දාර්ශනිකන් අතර ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බව බීබීසී රුපවාහිනිය බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලය සමඟ එක්ව නිෂ්පාදනය කර ඇති අලුත් වාර්තා වැඩසටහන් මාලාවක් මඟින් පෙන්වාදී ඇත.
අගෝස්තු 4 සවස බීබීසී නාලිකා 4 මඟින් විකාශනය කෙරෙන මෙම වැඩසටහන් මාලාවෙන් ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ජීවත්වූ දාර්ශනිකයින් තිදෙනෙකු පිළිබඳව සවිස්තරාත්මක සාකච්ජාවක් ඉදිරිපත් කරයි. බුදුන් වහන්සේට අමතරව ක්‍රිස්තු පුර්ව 399 සිට 470 දක්වා ග්‍රීසියේ ජීවත්වූ සොක්‍රටීස් පඬිවරයා සහ ක්‍රිස්තු පුර්ව 477 සිට 551 දක්වා චීනයේ ජීවත්වූ ගුරුවරයකු සහ දාර්ශනිකයකු වූ කොන්පියුසියස් යන දෙදෙනාගේ දර්ශනයන් පිළිබඳවද මෙම වැඩසටහන් මඟින් තොරතුරු ඉදිරිපත් කර ඇත.
වැඩසටහන ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වන බෙටනි හියුස් විසිනි.
ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ප්‍රචලිතව පැවති අද්භූත මිත්‍යා විශ්වාස වෙනුවට තර්කාන්විත සංකල්පනා ඉදිරිපත් කළ දැවැන්ත පුරෝගාමීන් ලෙස පිළිගැනෙන මේ තිදෙනාගේම ආනුභාවය සහ ඔවුන්ගෙන් මිනිස් සමාජයට ලැබුණ ආභාෂය එදා සිට වර්තමානය දක්වාම නොඅඩුව නොවෙනස්ව නොනැසී පැවතීම ඔවුන් කියාදුන් දර්ශනයන්ගේ බලය පෙන්වන්නක් බවද එමඟින් ප්‍රචලිතවූ අපූර්ව බුද්ධිමය ප්‍රවර්ධනය වර්තමානය දක්වාම පැවතීමට තරම් ප්‍රබල වූ බව මෙම වැඩසටහන් මඟින් පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලාන්, ඒ අනෙකුත් දර්ශනිකයන්වත් සුළුවෙන් තැකිය නොහැකියි. ක්‍රිස්තු පුර්ව 6 ලෝකයේ පැවතුනේ චින්තනමය විප්ලවයක්. එකල ලෝකයේ විසු ශ්‍රේෂ්ඨතම දර්ශනවාදීන්ගෙන් ගෞතම බුදුන්ගේ සහ කොම්පියුස්තුමන්ගේ දර්ශනය ආගම් වශයෙන් ප්‍රචලිත වූ අතර සොක්‍රටීස්ගේ සහ කාල්මාක්ස්ගේ සොයාගැනීම් දර්ශනයන් විදියට ඉදිරියට ආවා. මින් අප මහා ගෞතම බුදුන් බුද්ධිය අතින් අසමසමයි. එසේම අනෙකුත් තුන්දෙනා ලෝකයට ඉදිරිපත් කළ දේවල්ද ලගුකළ නොහැක. (නි)
බුදුන්ගේ සහ අනෙක් දාර්ශනිකයන් අතර වෙනස අධ්‍යාත්මික සහ ලෞකික බව අතර වෙනසයි. (නි)
එ්කේ ආයේ වචන දෙකක් නැහැ. (බ)
බීබීසී ය කියනකම් තමයි හිටියේ (නදී)
බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරා සොයාගත් මහා පරමාර්ථ ධර්මය නම් "හේතුවත්, ඵලයත් එහි නිරොධයත්" බව සියලු දෙනාටම අවබොධ වේවා! (නදී)
මට තේරෙන්නේ නැත්තේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ආර්ය චින්තනය එක්ක කොහොමද ඔය අනාර්ය දාර්ශනිකයෝ සසදන්නේ කියල.උන්වහන්සේ අසම සම.(ම)
බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරා සොයාගත් මහා පරමාර්ථ ධර්මය නම් "හේතුවත්, ඵලයත් එහි නිරෝධයත්" බව සියලු දෙනාටම අවබෝධ වේවා! (නදී)
මෙය යථාර්ථය සමඟ එකට යන දර්ශනයකි. බුදුන් නුවණින් මුහුකුරාගිය අයෙකි. මෙය වටහා ගතහොත්, ආගම්වාදය ජාතිවාදය මිනිස්සු පිළිකුල් කරති. බුදුන් එයට හොඳ නිදසුනකි. ඉන්දියාවේ ඉපිද සියලු කුලමල ගෝත්‍ර නොතකා සැමටම එක සේ සැළකුවේ එම නිසාය (නි)
මෙයාල කිව්වත් නැතත් අපි එක දන්නවා (ම)
වර්තමානයේ විකෘති වු බුද්ධ දර්ශනයට නොව, සත්‍ය බුද්ධ දර්ශනයට ගෞරව කරමි. මිනිසුන් මිත්‍යා දෘෂ්ඨියෙන් වෙලාගෙන ගෙන ඇත. (නදී)
මේ රට බුදුන්ගේ දේශයයි (ම)
අපි බුදුදහමේ නියම ශ්‍රාවකයන් වෙමු (නි)
ඇත්ත ලලිත්. ලොව පුරා ගෞරවයට පාත්‍රවීගෙන එන,යුරෝපීයයන්ගේ මනසටත් සත්‍ය වැටහීගෙන එන වකවානුවක අපගේ නිර්මල බුදු දහමත් සම්බුද්ධ ශාසනයත් රැකගන්න වෙහෙසෙන්න ඕනෑ බුද්ධ පුත්‍රයන්. එක එක පාට පස්සේ ගිහින් ජරාජීර්ණ දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙනවා. (නි)
ගෞතම බුදුන් වහන්සේ අපගේ එකම ශ්‍රේෂ්ඨයාණෝය. ඒ හා සමානවූ අන් කවරෙක් නැත. (නි)
අකාලිකෝ, ඒහිපස්සිකෝ යනුවෙන් බුදුන් වහන්සේ දේශනාකළේ, සැම කල්හිම එම ධර්මය සත්‍ය නිසාය. (නි)
අවිද්‍යාවට පෙරලා විද්‍යාවට අභියෝගයක් නිර්මල බුදුදහම තව බොහෝ කල් පෘථිවි තලයේ පවතීවා (ම)
සැතපුමට අඟලක බැස්ම ඇති අවුරුදු සිය ගණනක වාරිමාර්ග ඉතිහාසය ගැන කතාකරමින් පිටරටින් තාක්ෂණය යදින අපි නිර්මල බුදුදහම ඇති එකම රට වුවත්, එහි වටිනාකම දර්ශනය ළමා පරපුර වෙත ක්‍රමවත් ලෙස උගැන්වීමට අසමත්වීමෙන් බුදුදහම ගැන නිවැරදිව පැහැදිලි කිරීමට හැකි බෞද්ධයන් අඩුවෙනවා. සංඝයා වහන්සේලාගේ ප්‍රධාන අරමුණු දෙක වන තමන්වහන්සේලාගේ ලෝකෝත්තර දිවිය හා මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම කියන එක ඔවුන්ට අමතකවෙලා. ඒක රටක් ලෙස අභාග්‍යයක් (නි)
ඒක ආර්ය පර්යේෂණයක්. මුල,මැද සහ අග සර්ව සම්පුර්ණයි !!! (නි)
තව ටික කාලයක් යනකොට සුද්දන්ගෙන් තමයි බුදු බණ ඉගෙනගන්න වෙන්නේ අපේ හාමුදුරුවරු පෙළපාලි වලටයි උද්ඝෝෂණ වලටයි, ඡන්ද වැඩ වලටයි ගිහාම. (බ)
බුදුසසුන බැබළේවා! (නි)
අපි බෞද්ධ වුණත් බෞද්ධ දර්ශනයේ මොන තරම් සුළු දැනුමක්ද අපිට තියෙන්නේ. (බ)
බුදුදහම ප්‍රශ්න කරන්න කරන්න බැබළෙනවා. (නි)
වෙනස්වෙන ලෝකයේ සදාතනික පරම පවිත්‍ර වූ දර්ශනය. (බ)
සියලුදේ වෙනස්වන විශ්වයේ නොවෙනස්වන එකම දේ වෙනස්වීමම පමණක් බව මේ ලොවට පසක්කළ එකම ධර්මය සහ දර්ශනය මෙයයි. (නි)
බුදු දහම විශ්වාසයන් මත පමණක් පදනම් වූ ආගමක් නෙමෙයි. එය විද්‍යාත්මකයි,තර්කානුකූලයි, විද්‍යාත්මකව හිතන කිසි කෙනෙකුට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. (නි)
මෙතරම් උතුම් දර්ශනයක් ගැන මහා ඉහලින් කතාකරන සැදැවතුන් බොහෝ වෙලාවට හැසිරෙන්නේ නම් හරියට තිරිසන්නුන්ටත් අන්ත විදිහට. කිසිම හික්මීමක් නැහැ. වරද කොතනද? (නදී)
ඇමරිකාව දැන්ද ඒක හොයාගෙන තියෙන්නෙ පව් (නදී)
නිලාන්, මාලි ඔබ දෙදෙනාම හරියට හරි (නදී)
නිලාන්, සැබෑ දර්ශනය හදාරන්න (නි)
හරි දේ පිළිනොපැද කොපමණ වැන්ඳත් වැඩක් නැහැ (නි)
සහතික ඇත්ත ලලිත්ගේ කතාව. හැබැයි හැම හාමුදුරු කෙනෙක්ම නෙමෙයි. (බ)
බුදුදහම විශ්වයේ පරම සත්‍යයයි. (නි)
අපේ අයත් බුද්ධාගම ගැන දන්නේ ටිකයි. එය දර්ශනයක්. ආගමක් විතරක් නෙමෙයි. නායකයා දර්ශනයයි. (බ)
ධම්ම චක්කප්පවත්තන දේශනය කියවා බලන්න. (නදී)
ලෝකයේ තිබෙන සියලුම දර්ශන වල මුලික දේවල් , අපේ බුදු දහමේත් තියෙනවා, අනික් දාර්ශිනිකයන්ගේ දර්ශනයන් ගැන හැදෑරීමක් නැතිව , සමහරු කරුණු දක්වනවා , බුදුන්ට කලින් තිබුණු යම් ආගම් සහ ඒවායේ කරුණු දක්වපු දාර්ශිනකයන් බුදුන් දුන් අවවාද අනුශාසනා එලෙසෙම කර තිබෙනවා (බ)
නිලාන් ඔබ හරි(නදී)