මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්‍රම් අසපු ශාඛාවේ වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ මේ දිනවල රෝගාතුර වී දිල්ලියේ ශ්‍රී ගංගාරාම් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. 

කුසලචිත්ත හිමියන් නිසා ශ්‍රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීමට හැකිවූ බවත්, ඉන්දියානු ජාතික බොහෝ පිරිසක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි බවත් පෙන්වා දී ඇති බවත් මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ  කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නිවේදනයක් මඟින් දන්වා ඇත.

මේ වන විට මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ද කුසලචිත්ත හිමියන් වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කරමින් මෙත් සිත වඩමින් පින් අනුමෝදන් කරන බවත් සියලු දෙනා එකතුවී උන්වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන ලෙසත් ඤාණානන්ද හිමියෝ ඉල්ලා සිටිති.

11001849_1116637811711786_1136827798219176881_n 11011063_784553631665548_7176462121986855044_n 11705284_784691498318428_8976234683283355564_n