IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බෙදා හැරීමට අවසර හිමි වු එන්නත විධි තුනකින් බෙදා හරින බව එක්සත් රාජධානිය කියයි

එක්සත් රාජධානිය තුළ භාවිතයට අවසරය හිමි වූ ‘කොවිඩ්-19’ එන්නත විධි තුනක් යටතේ බෙදාහරින බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් අද (2) පැවැසීය.

එරට ‘ස්කයි නිව්ස්’ පුවත් සේවයට අදහස් දක්වමින් මැට් හැන්කොක් ඒ බව පැවැසීය.

රට පුරා රෝහල් 50කට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඉන් එනතුරුව එන්නත් මධ්‍යස්ථානවලින් සහ ප්‍රජා මට්ටමින් එන්නත ලබාදෙන බවත් හෙතෙම කීය.

එක්සත් රාජධානිය මේ වනවිට විශාල එන්නත් මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති ජනතාවට එම ස්ථානවලට පැමිණ එන්නත ලබාගත හැකි ය.
රටපුරා රෝහල් 50ක් මේ වනවිට එන්නත ගබඩා කිරීම, බෙදාහැරීම යනාදී සමස්ත ක්‍රියාවලියට සූදානම් කර ඇති බවත් ඒවායේ අවශ්‍ය පහසුකම් සියල්ල ස්ථාපිත කර ඇති බවත් මැට් හැන්කොක් පැවැසීය.

ප්‍රජා මට්ටමින් ද එන්නත ලබාදෙන අතර වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් ඒ සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කීය.

මෙම එන්නත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 70ක ගබඩා කළ යුතු අතර ඒ අනුව එවැනි පහසුකම් ඇති ස්ථානවල සිට ද එන්නත ලබාදෙන බවත් බොහෝ දුරට එවැනි ස්ථාන ප්‍රජා මට්ටමින් එන්නත ලබාදෙන ස්ථාන බවට පත් කරන බවත් මැට් හැන්කොක් පැවැසීය.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම අත්හදා බලමින් සංවර්ධනය කෙරෙන එන්නතට ද ඉදිරියේදී අවසරය ලැබෙනු ඇතැයි ද හැන්කොක් මෙහිදි සඳහන් කළේය. එම එන්නතට ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නතට අවශ්‍ය තරම් ශීතාගාර ගබඩා පහසුකම් අවශ්‍ය නොවන අතර බෙදාහැරීම ද ඉතා පහසු ය.

එක්සත් රාජධානියේ එන්නත් සහ ප්‍රතිශක්තීකරණ ඒකාබද්ධ කමිටුව එන්නත ලබාදෙන ප්‍රමුඛතා ලැයිස්තුව අද (2) දිනය තුළ සකස් කරනු ඇතැයි ද හැන්කොක් කීය.
 
ඒ.එෆ්.පී./රොයිටර්
055 



අදහස් (0)

බෙදා හැරීමට අවසර හිමි වු එන්නත විධි තුනකින් බෙදා හරින බව එක්සත් රාජධානිය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site