ඌ ඇත්ත වශයෙන් ම ඉතා බඩගිනි හිපෝවකු විය යුතුය. අධික හිරු රශ්මියෙන් ස්නානය කරන හිපපොටේමස් රංචුවක වැඩිහිටි හිපෝ දෙදෙනකු අතර රණ්ඩුව කෙලවර වූයේ එකෙකු අනිකාගේ පසුපස ප්‍රදේශය සපා කෑමෙනි.

ඡායාරූපයෙන් පෙනෙන ලෙසට අඩි හතරක් පමණ පළලට මුඛය විවෘත කරන හිපෝ උගේ දැවැන්ත තියුණු දත් කුට්ටමෙන් අනිකා සපා කෑමට තැත් කරයි.

මේ ඡායාරූප රැගෙන ඇත්තේ වෘත්තීය පාරිසරික ඡායාරූප ශිල්පී  ජෝන් ෂෝ (68) විසිනි. කෙන්යාවේ මසායි මාරා උද්‍යානයේ කරන ලද සංචාරයක දී මෙම දර්ශන ඔහුගේ නෙත ගැටී ඇත.

‘‘හිපපොටේමස් සතුන් 20ත් 25ත් අතර කණ්ඩායමක් ගඟේ නාමින් සිටියා. මට කිසිවක් සිතාගැනීමට නොහැකි තරම් ඉක්මනට සිදුවූවා. නාසයෙන් හුස්ම පිටකරන විශාල ශබ්ද සමඟ සුළු මොහොතකින් සියල්ල අවසන් වුණා. “ යැයි ෂෝ පවසයි.

1411646176078_wps_99_He_must_be_a_very_hungry_ 1411645989293_wps_91_He_must_be_a_very_hungry_ 1411645858962_wps_87_He_must_be_a_very_hungry_ 1411645809638_wps_83_He_must_be_a_very_hungry_