බඩ ඉරිඟු ගස් වගාවක ලොව විශාලම වංකගිරිය ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටයි.
මෙහි නඩත්තු කටයුතු සිදුවන්නේ මැට් හා මාක් කූලි සොහොයුරන් දෙදෙනා අතිනි.වසර ගණනාවක් තිස්සේ කොටසින් කොටස එක් කර වගාව විශාල කර ඇති ඔවුන් අද දිනයේදී හෙක්ටයාර 63 ක් දක්වා එය ව්‍යාප්ත කර ඇත.
මේ බඩ ඉරිඟු වංකගිරියේ මංමාවත් තනා ඇත්තේද සොහොයුරන් දෙදෙනාය.ඇතැම් ඒවා ඔබ වංකගිරියෙන් ඉවතට ගෙන යද්දී බොහෝමයක් ඔබව සුළගට සැළෙමින් අද්භූත හ~ නංවනා බඩ ඉරිඟු ගස් අතරේ තනි කරවයි.
නිවැරදි මාර්ගයේ ගියද වංකගිරිය තරණය කිරීමට පැය කිහිපයක් ගත වන තැන වැරදි මගක් තෝරාගතහොත් කුමක් සිදුවේදැයි සිතාගත හැකිය.
සෑම වසරකම ඔක්තෝබර් මස 31 වැනිදා එනම් ‘‘හැලෝවීන‘‘ දිනයේදී මේ වංකගිරිය තරණය කිරීමට දහස් ගණනක් දෙනා පැමිණෙති.ඔවුන් අතරින් බොහෝ දෙනා වංකගිරියේ අතරමංවන බවද සදහන්ය.
ප්‍රදේශයේ පොලිසිය පවසන්නේ එසේ අතරමංවූ පුද්ගලයින්ගෙන් තමන්ට ලැබෙන ඇමතුම් වල ප්‍රමාණය මෙතෙකැයි කියා කිව නොහැකි බවයි.එසේ වුවත් තම රාජකාරිය අනතුරට පත්වූවන් බේරා ගැනීම වන හෙයින් එවැනි ඇමතුම් සිනාවෙන් බැහැර නොකර ඉක්මනින්ම එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයින් බේරා ගන්නා බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහවන්තයා සුන්දර නිර්මාණ ශිල්පියෙක්, නව නිපැයුම් කරුවෙක්,තම සිහින සැබෑ කරගන්නෙක්, එහෙයින් ඔහු ලොව අන්‍යන් පරයා හිනි පෙත්තටම නැගයන්නෙක්...කිසිවෙකුට පැහැර ගන්න බැරි ඔහු සතු වස්තුව අද්විතීය බුද්ධියයි...ඔහු ඒ විනිවිද බවේ එක පැති කඩක් මේසේ ලෝකයට පෙන්වා ඇත ..!! සැබවින්ම අපූරුයි..මනස්කාන්තයි ..!!(හේ)
වගාවෙන් ලබන තෘප්තිය මෙන්ම බුද්ධියට තැන දී කරපු මේ නිර්මානෙට ඔවුන්ව ඇගයිය යුතුයි. (නදී)
ශරීරයට අහිතකර නොවන ආකාරයට මිනිසුන්ට කන්න දෙන්නෙ කොහොමද කියලා අපිටත් ඉගෙනගන්න පුලුවන්. (නි)
ඇමරිකාවට ලෝක නායකකම දීලා අනිත් රටවල් දෙවෙනි තුන්වෙනි විදියට තමන්ගේ තත්වය බාරගන්නවා නම් මේ ලෝකේ මොන තරම් සාමකාමී , සංවර්ධිත , නිදහස් ලෝකයක් වෙයිද ? එහෙමනම් තව කොච්චර දේවල් ඇමරිකාවෙන් අනිත් රටවල් වලට ලබා දෙයිද ? කොහෙද ... අනිත් අයත් බලන්නේ කල්ලි ගැහිලා ඇමරිකාවව වට්ටලා 1 වෙන්නනේ .. එකනේ මේ ලෝකේ ප්‍රශ්න වැඩි ...ඇමරිකාව කියන දෙයක් අහගෙන ඇමරිකාවට සහයෝගය දීගෙන හිටියනම් අද අපේ රටටත් මොන තරම් දේවල් ඇමරිකාවෙන් ලැබිලද? (හේ)
ඇත්තටම ලස්නයි.(හේ)
අනේ මටත් යන්න ඇත්නම්.... (නි)