මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරංචි කියයි.
මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි රයිෆල් බළ ඇණියේ සෙබළුන් ‘වා ටෙක්‘ නමින් හැඳින්වෙන මෙම ඇඳුමින් සැරසුණු බවත් අධෝරක්ත කිරණට හා උණුසුම සොයා යන උපකරණ වලටද මෙම ඇඳුම අසු නොවන බවත් ලන්ඩනයේ ‘ද මේල්‘ පත්‍රය කියයි.
වෙස් වළාගෙන සිටිය හැකි බව කියන මෙම රෙද්ද ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය හමුදා සිය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත.
‘ඒක හරි ලස්සන ඇඳුමක්‘ කෝප්‍රල් ටිරෝන් හූල් කීවේය.
වා ටෙක් නම් මෙම ඇඳුම ඇඳසිටින විට සතුරාට ද නොපෙනෙන බවත් උණුසුම සොයා යන නවීන තාක්ෂණ උපකරණ හා අධෝරක්ත ග්‍රාහක මගින්වත් සතුරු පාර්ශ්වයට තමන් සොයාගත නොහැකි වූ බවත් එම බ්‍රිතාන්‍ය බළ ඇණිය කියයි.
මෙම තාක්ෂණය මුලින්ම සොයා ගෙන ඇත්තේ ඇමරිකාවේ ඉලිනෝයි සරසවිය හා කැලිෆෝනියාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනය යි. ත්‍රස්තවාදීන් පිළිබඳ ඔත්තු බැලීමට හැකිවන මෙම අදිසි ඇඳුම ලන්ඩන් යුද හමුදාව දැන් අත්හදා බලයි.
මේ අතර ඇමරිකාව පවසනුයේ මෙම අදිසි ඇඳුම ඇමරිකා යුද හමුදාව මාස 18කින් අත්හදා බලන බවයි. සටන් බිමේදී කටුස්සකු සේ පාට වෙනස් කළ හැකි ඇඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ඇමරිකා යුද හමුදාව එරට සමාගම්වලට යෝජනා කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ත්රස්තයන් අතට ගියෝත් ඔක්කොම විනාශයි (බ)
ෆෙඩ්රික්, තුවක්කුවටත් ඒකම අන්දවනවා. (නි)
කටුසු ඇඳුම අපේ රටට හොඳයි. (ර)
බණ්ඩාර, මිනිස් මොළයේ මෝඩකමේ තරම හිතාගන්න පුළුවන් අබේරත්නගේ ප්රශ්නය ගැන හිතුවහම. (නි)
ඕක සාමාන්‍ය වෙලඳ පොලට දාන්න එපා. අපේ අය ඒකෙන් කරන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..(බ)
ඉතා හොඳ වැදගත් පුවතක් (නි)
දියුණුවේ රහස. නව නිර්මාණ සදහා සදහා අදහස් හා යෝජනා එක්රැස් කිරීම. (අ)
විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන හරහා නව නිර්මාණ සදහා අදහස් හා යෝජනා විමසා සිටීම දියුණුවේ මාර්ගයයි.(අ)
විස්මිත සොයාගැනීමක්. (ර)
යුද රහස් ප්‍රසිද්ධ නොකල යුතුයි. (ර)
එතකොට වෙඩි තියද්දි තුවක්කුව, එ්ක පේනවා නේද (බ)
මිනිස් මොලයක දියුනුවේ ප්‍රමාණය කොතරම්ද (බ)
සතුරාටත් ඔය ඇඳුම ගිය දාට තමයි ප්‍රශ්නේ.....(බ)