(බී.බී.සී ඇසුරිනි - 055)
දශක දෙකකට පසු බටහිර ඉවුරේ නව ජනවාස ඉදිකිරීමට ඊශ්‍රායලය රජය අවසර දී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය මණ්ඩලය විසින් මේ බව නිවේදනය කර තිබූ අතර මෙම නව ජනවාස ඉදිකිරීම් ජෙරුසලමෙන් කිලෝමීටර් 49 ක් දුරින් පිහිටි උතුරු බටහිර ඉවුරේ නැබ්ලස් නගරයේ එමෙක් ෂීලෝ හි මෙම ජනවාස ඉදි කිරීමට නියමිතය. මෙසේ ජනාවාස ඉදි කරන අතරවාරයේම ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහු ජනාවාස ඉදිකිරීමේ කටයුතු අඩු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා කරන බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියා පලස්තීනයේ දැඩි විවේචනයට හා විරෝධයට ලක්ව තිබේ.
''ඊශ්‍රායලය මෙසේ ජනාවාස ඉදිකිරීමට අවසර දීමෙන් ඔවුන් නීති විරෝධී ක්‍රියා නොනවත්වා ඉදිරියට ගෙන යන බව පෙනී යනවා. මෙවැනි ක්‍රියාවලින් ඔවුන්ට සාමය අවශ්‍යදැයි සැකයක් ඇත වෙනවා" යැයි පලස්තීන නිදහස් සංවිධානයේ විධායක කමිටු සාමාජිකයකු වන හනන් අශ්රාවී උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඊශ්‍රායලයට සහයෝගය දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
නව ජනාවාස අමෝනා නගරයෙන් මුදාගත් යුදෙව් ජාතිකයන්ට නිවාස තැනීම සඳහා ලබාදීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටහිර ඉවුරේ නව ජනවාස ඉදිකිරීමට ඊශ්‍රායලයෙන් අවසර