නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමත් සමඟ අගුලු දැමීමේ සීමා තවත් දින පහකට දීර්ඝ කිරීමට පලස්තීන පාලනාධිකාරිය අද (7) පියවර ගත්තේ ය.
පසුගිය සිකුරාදා ආරම්භ වූ අගුලු දැමීමේ සීමා ඉරිදා සන්ධ්‍යාවරුව දක්වා ක්‍රියාත්මක බව පලස්තීන ආණ්ඩුවේ ප්‍රකාශක ඊබ්‍රහිම් මෙල්හම් පැවැසීය.
බටහිර ඉවුරෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,570ක් වන අතර එම ප්‍රදේශයෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 17කි.
මීට සතියකට පෙර බටහිර ඉවුරෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,356ක් වූ අතර වාර්තා වූ මරණ ගණන 5ක් විය.
බටහිර ඉවුරෙන් මුල් වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය මාර්තු මාසයේදී ය. පලස්තීන පාලනාධිකාරිය මාර්තු මස මුලදී බටහිර ඉවුර සම්පූර්ණයෙන් වසා දැමූ අතර එම අගුලු දැමීමේ සීමා මැයි මස අගදී ලිහිල් කළේය.
බටහිර ඉවුරේ වෙසෙන දස දහස් ගණනක් පලස්තීන වැසියෝ දිනපතා ඊශ්‍රායලයට ගමන් කරති. රැකියා සඳහා එලෙස ඔවුන්ගෙන් යන බොහෝදෙනා කම්කරුවෝ ය.
නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවෙමින් තිබෙන බැවින් ඊශ්‍රායලයට පිවිසෙන ස්ථාන වසා දමන්නැයි ද පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්තායේහ් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළේය.
ඊශ්‍රායලයෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 31,270ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 330කි.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටහිර ඉවුරේ අගුලු දැමීම සීමා දීර්ඝ කෙරේ