ඉබෝලා වසංගතයෙන් බැටකමින් සිටින බටහිර අප්‍රිකාවට ඉදිරියේදී දරුණු සාගතයකටත් මුහුණදීමට සිදුවන ලකුණු පෙනෙන්නට ඇත.
සියෙරාලියොන් වැනි ස්වයංපෝෂිත රටවල කෙත්වතු ඉබෝලා වසංගතයට බියෙන් පලා ගිය ඒවායේ හිමිකරුවන් නිසාවෙන් වල්වැදී යමින් තිබෙන අතර වහා ඵල වන නෙළා නොගතහොත් ළග එන දරුණු සාගතයකට මුහුණදීමට සියෙරාලියොනයටත් එහි අසල්වැසි රටවලටත් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
නමුත් ගැටලූව වී ඇත්තේ ඉබෝලා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන නිසා මරණ බයෙන් ජීවත් වන එම රටවල වැසියන්ව ඔවුන්ගේ ජීවනෝපායන් වෙත යොමුකරවීමයි. උහු සියලූදෙනාම කදවුරු වලට වී ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා වීමට උත්සාහ කරමින් සිටී.
මෙනිසා ඉබෝලා හා බැදී නොයෙකුත් ආර්ථීකමය හා සමාජමය ගැටලුද බටහිර අප්‍රිකා කලාපයේ හිස ඔසවමින් තිබේ.කලාපයේ ආර්ථීකය තිඛෙන්නේ කඩා වැටෙමිනි.
සාගතයක පෙර ලකුණු පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ මේ සියල්ලේ එකතුවක් අනුව යැයි විශේෂඥයින් පෙන්වා දේ.
දැනටමත් කදවුරු වල සිටින බොහෝ දෙනා ඌණ පෝෂණ හා මන්ද පෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටිති.මරණ කිහිපයක්ද වාර්තාවී තිබෙන අතර නිසි පිළියම් නොයොදන්නේ නම් තත්ත්වය වඩාත් දරුණු වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් සහන සේවා සංවිධානයන් රාශියක් ඉබෝලා මර්දනයට අමතරව දැන් ළඟ එන සාගතයකට මුහුණදීමටත් සූදානම් වෙමින් සිටී.දැනට වියළි ආහාර තොග ගණනින් කදවුරු වෙත බෙදා දෙමින් තිබෙන අතර සහන සේවකයින්ගේ ඇස නොගැටුණු ඉබෝලාවෙන් මෙන්ම සාගතයෙන්ද පීඩා විදින පුද්ගලයින් විසිය හැකි අති දුෂ්කර ප්‍රදේශයන්ටද සේවා සැපැයීමට සැළසුම් සකස් කෙරෙමින් තිබේ.
කෙතරම් ආරක්ෂක විධිවිධානයන් පැනවූවත් මේ වන විට ඉබෝලා රෝගයට ගොදුරුවී මියගිය වුන්ගේ සංඛ්‍යාව 4800 ක් දක්වා ඉහළ නැග ඇත.තත්ත්වය තවත් දරුණු වන ලකුණු මිස සමනය වන ලකුණකුදු පෙනෙන්නට නැතැයි බටහිර අප්‍රිකාවේ ක්‍රියාත්මක සහන සේවා සංවිධානයන් කියයි.
‘‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන්‘‘ දැන් සාගත තත්ත්වයක්ද ඇති වෙමින් තිබෙන හෙයින් මරණ සංඛ්‍යාව එක රැයින් ලක්ෂ ගණනක් වීමට ඉඩ ඇතැයි එම සංවිධාන බිය පළකරති.
ලෝකයටම උවදුරක් වන ලකුණු පෙනෙන්නට ඇති ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් තවදුරටත් ඇස්කන් පියාගෙන නොසිටින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු සහන සේවා සංවිධාන ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබොල වෛරසය ස්වභාවික එකක් නොවේ. මෙය දියුණු රටක් කරපු ආක්‍රමණයක්. (ස)
මේ ඉබෝලා වෛරසයට පිළිතුරක් වහාම සොයා ගත යුතුයි.(හේ)
මෙය ඇමෙරිකාවේ ජීව රසායනික අවියක් වීමට පුළුවන්. හොදටම වීයාප්ත උනාට පස්සේ ප්‍රතිජීවකය එලියට දේවි. (නදී)
මේකනම් පුදුම වෛරස් එකක් තමයි දැක්කමත් බය හිතෙනවා , කණිෂ්ක කියන එකත් බැහැර කරන්න බැහැ අනේ මන්ද ?(අ)
සම්පත් ඔබ හරි අපේ මනුස්සයන්ගේ ඇස් වැහිලා තියෙන්නේ, මේක බටහිර රටවල කුමන්ත්‍රණයක්, පව් අසරණ මිනිසුන්, පොඩි මිනිහා පාගලා සල්ලි හම්බකරන්න හොඳ නෑ නේද ?(හේ)
මේක මොකක් හරි කුමන්ත්‍රණයක් වගේ. (අ)
මොනවා වුණත් ඇමෙරිකාව මේකට විසදුමක් සොයන්න ගොඩක් වෙහෙසෙන රටක්. (අ)
සම්පත් නිවැරදියි (නි)
අසරණ ජනයාටමයි මේ හැම විපතක්ම.(හේ)